
සරත් එන්. කුමාර
යුද්ධය ආරම්භ වී හමාර ය. එය ආරම්භ වූයේ අද ඊයේ නොවේ. එයට ද විවිධ හේතු සාධක බලපෑවේය. දිනෙන් දින වර්ධනය වූ අර්බුදයන් යුද්ධයක් දක්වා වර්ධනය විය. එහි ඉතිහාසය ඉතා අමිහිරිය. සියලූ හේතු සොයා බැලූවහොත් කාගෙ කාගේත් කිල්ලෝටයන් හි හුණු ටික ටික හෝ ඇත. මෙයින් අදහස් කරන්නේ ප‍්‍රභාගේ යුද්ධය සාධරණීකරණය කිරීම නොවේ.
යුද්ධයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර සංවිධාන ලංකාවේ ලැඟුම් ගන්නට පටන් ගත්තේත්, ඔවුන්ට මුදල් ගලා ඒමට පටන් ගත්තේත්, අපේ රටේ කවර ජාතියකට හෝ අයත් මිනිසුන්ගේ සිරුරින් ගලන රුධිරය, කඳුලූ හා දුක හරහාය. හැම ජාත්‍යන්තර සංවිධානයක්ම ඉදිරිපත් වන්නේ උදව්වටය. අපේ රට ගැන ඇත්තේ පුදුම කැක්කුමකි. එය අගේ කළ යුතුය. ඒ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යැයි අප එකහෙළා පිළිගන්නා නිසාය. නමුත් ජාත්‍යන්තර සංවිධාන හරහා ත‍්‍රස්තවාදී කණ්ඩායමක් වන කොටි සංවිධානය නෙලාගත් ප‍්‍රතිඵල මේ වන විට එකින් එක හෙළිවෙමින් පවතී.
යුද්ධය පවතින විට ජාත්‍යන්තර සංවිධාන නිතරම ප‍්‍රකාශකරන්නේ යුද්ධයට වඩා දේශපාලන විසඳුමකට යොමුවන ලෙසය. ඒ අදහස සාධාරණය. එයට තර්ක නැත. ලොව සියලූ රටවල්, දේශපාලන පක්ෂ හා ජනතාවගේ ද ඒකායන පැතුම ද එයයි. වර්තමාන හා අතීත ශ‍්‍රී ලංකා රජයන් ද දේශපාලන විසඳුමක් සොයන්නට කිහිප අවස්ථාවකම සාකච්ඡා කරමින් විවිධ උත්සාහයන් ගත් බව අප කාටත් මතකයෙන් තවමත් ගිලිහී නොමැත. ඒ සෑම සාකච්ඡා හා සාම ගිවිසුම් අවස්ථාවකින්ම නියම ප‍්‍රයෝජනය ගෙන යුද්ධයට අවශ්‍ය ශක්තිය ගොඩ නඟාගෙන සාකච්ඡා වලින් ඉවත් වී නැවත යුද හමුදාවට හා ජනතාවට පහර දීම කොටි සංවිධානයේ ක‍්‍රියා පිළිවෙත විය. කාටත් එවැනි අතීතයක් තිබුණු බව මතකය. අපේ රට ගැන මහත් හැඟීමකින් කථාකරන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන දේශපාලන පක්ෂ හා පුද්ගලයින්ට එවැනි දේ සිදුවුනා ද කියාවත් මතක නැත.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ලන්ඩනයේ පිහිටි මූලස්ථානය අපේ රටේ මානව හිමිකම් සංවිධාන වලින් අසා දැනගත් පරිදි හා ජානක තේනුවර මහතා එම අදහස සාධාරණීකරනය කිරීම තුළින් අදහස් වන්නේ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් පාර්ලිමේන්තුවට ඒම වරදකි. ඔවුන්ගේ අදහස පරිදි රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන පාලනයක් තිබේ නම් යුධ අපරාධකරුවන්ට දඩුවම් දිය යුතුය. එය ද ඇත්තකි.
ප‍්‍රශ්නය තිබෙන්නේ එතන නොවේ, එම අදහස තුළ ඇති දෙබිඩි තේරුම තුළය. යුද්ධය පවතින විට යටිගිරියෙන් කෑ ගසා මෙයට දේශපාලන විසඳුමක් තිබිය යුතුයැයි කියන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන, දේශපාන පක්ෂ හා පුද්ගලයින් අදහස් කරන්නේ කුමක් ද? යුද්ධය නවතා දේශපාලන ප‍්‍රවාහයට එකතු විය යුතුයැයි නොවේ ද? ප‍්‍රභාකරන් වුවද යුද්ධය නවතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එක

ප‍්‍රභාකරන් වුවද ආයුධ බිම තබා අවංකව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එකතු වෙනවා යැයි කීවොත්, ජානක තේනුවර මහතා හා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අදහසට අනුව එය ද ප‍්‍රතික්ෂේප කළ යුතුය. ඒ ප‍්‍රභාකරන් ප‍්‍රධාන අපරාධකරුවා වන නිසාය. දැනට භාරවන කොටි සාමාජිකයින් ද අපරාධ සිදු කළ සාමාජිකයින්ය. එසේ කියමින් භාර වූවාට පසු සිරගත කිරීම හා වරදට අනුව මරණීය දණ්ඩනය හිමි කළහොත් ඒ කිසිවෙක් භාර වීමට අයුධ බිම තබා නොයෙති. මරාගෙන මැරෙති. මෙවන් පසුබිමක් තුළ හැමදාම දේශපාලන විසඳුම් හොඳයැයි කියන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන හා පුද්ගලයින් කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එක් වන විට එයට ද විරුද්ධ වෙයි. එයට උඩගෙඩි දෙන අපේ ඇත්තන් ද තව වරක් ඒ පිළිබඳ සිතිය යුතුය.
ජාත්‍යන්තර සංවිධාන හා බලගතු රටවල් සැමදා කියා සිටියේ දෙමළ ජනතාවට හිරිහැර නොකර සිටින ලෙස ය. මෙය ත‍්‍රස්තවාදී අර්බුදයක් බව කොපමණ කියා සිටියත් එය පිළිගත්තේ ද නැත. අවබෝධ නුවූවා සේ සිටියේ ය. කොටි සංවිධානයේ සාමාජිකයන් පාර්ලිමේන්තුවට එනවිට අපරාධ කරුවන් යැයි කියා විරුද්ධවන ජාත්‍යන්තර සංවිධානයන්, එම පුද්ගලයින් ම යුද්ධයේ යෙදී සිටින විට අපරාධකරුවන් යැයි හෝ මෙම යුද්ධය ත‍්‍රස්තවාදීන්ගේ යුද්ධයක් ලෙස එක වචනයකුදු කියන්නට ඉදිරිපත් වූයේ නැත. ජානක තේනුවර මහතා කියන පරිදි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ලංකාවේ මානව හිමිකම් සංවිධානයන්ගෙන් අසා දැනගත් දේ අනුව විනයාගමූර්ති මුරලිදරන් වරදකරුවෙකි. ඒ දැන් ඔවුන්ට පෙනෙන අයුරුය. නමුත් කොටි සංවිධානය ජීවිත දහස් ගණනක් හා දේපළ විනාශකරන විට ඒ අපරාධ වෙනුවෙන් ලොවම දැනුවත් කළේ නැත. එක වචනයකුදු සෘජුව ප‍්‍රකාශ කළේ නැත. කොටි සංවිධානය පරාජය කළ යුතුය කීවේ ද නැත. ඔවුන්ව අත්අඩංගුවට ගත යුතු යැයි ද කීවේ නැත.

විනයාගමූර්ති මුරලිදරන් පාර්ලිමේන්තුට ඒමත්, චන්ද්‍රකාන්තන් මහ ඇමැති වීමත් වැරදි සහගත යැයි පිළිගත්තේ නම් අදටත් ඔවුන් ප‍්‍රභාකරන්ගේ සුවච කීකරු ගෝලයන් ය. මුලූ ලොවම විනාශයට ඇද දමන යුද්ධයක් කොතනින් හෝ කෙළවරක් දැකිය යුතුය. සිදු වූ විනාශය ඇතිය. යුද්ධය නොව දේශපාලන විසඳුම් යෝජනා කරමින් විවිධාකරයෙන් යුද්ධය ඉදිරියට පවත්වාගෙන යාමට සෘජුව හා වක‍්‍රාකාරව උදව් උපකාර කළ ජාත්‍යන්තරයේ රටවල් හා සංවිධාන, කරුණාගේ පාර්ලිමේන්තු ආගමනය හා පිල්ලෙයාන්ගේ මහ ඇමති ධූරයත් සමඟ නිහඩ වී ඇත. දැන් යෝජනා කරන්නේ කොටි සංවිධානය යුද්ධයෙන් පැරදිය යුතුය යන්නය. අංගුලිමාල වැරදි කිරීමට පෙළඹුනාට, සත්‍ය අවබෝධ වූවාට පසු රහත් විය. වැරදි නිසා රහත් බව නොලැබුනා නොවේ, පසුව හෝ සත්‍ය අවබෝධ කරගෙන නිවැරදි මාවතට ඒම සදාකල් වැරදි කරනවාට වඩා හොඳය.
නීතිය නිවැරදිව ක‍්‍රියාත්මක කිරීම යහපත් පාලනයකට ඉතා අත්‍යාවශ්‍ය ය. වර්තමාන යුද්ධය හා බැඳුනු ඇතැම් දේ සඳහා එම නීති අනුගමනය කළහොත් කෙදිනකවත් යුද්ධය අවසන් වන්නේ නැත. දැන් කොටි සංවිධානය වරද කර හමාරය. ඔවුන් සියල්ලම දැන හෝ නොදැන වරදකරුවන් ද වී හමාර ය. ඔ

ජානක තේනුවර මහතා කියන දේ වැරදි නොවේ. ඔහුගේ අදහසට ද හේතු වූ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අදහස ගැන ඒ මහතා ද තේරුම් ගත යුතුය.
Back to HOME
No comments:
Post a Comment