Tuesday, October 27, 2009

අහිමි වුණොත් කවුද ඒකට වගකියන්නේ

GSP+ සහනයට කණ කොකා හඬන බව දැන් දැන් සක් සුදක් සේ පැහැදිලිය. දැන් ඊළඟ ජවනිකාව වනු ඇත්තේ ගෙදර ඇති මුව හමට තඩිබෑමයි. මේ මුව හම නම් විරුද්ධ පක්ෂය සහ රාජ්‍ය නොවන සංවිධානයි. කිසිවකුත් නොඅසන ප‍්‍රශ්නය වනුයේ සහනය එපා කිව්වේ කවුරුන්ද යන්නයි. ආණඩුවත්, විපක්ෂයත්, සිවිල් සමාජ සංවිධානත් වෘත්තීය සමිතිත් ප‍්‍රකාශ කළේ ලංකාවට තවදුරටත් මෙම සහනය අත්‍යවශ්‍ය බවයි. GSP+ සහනය යුරෝපා සංගමය විසින් ලබාදෙන්නේ කිසියම් රටක් මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රධාන ජාත්‍යන්තර සම්මුති තුනක ඇති විධි විධාන දේශීය වශයෙන් ක‍්‍රියාත්මක කරන බවට ලබාදෙන ප‍්‍රතිඥවකට කරන සැළකිල්ලක් අනුවය. එම ප‍්‍රතිඥව අදාළ සහනය ලබන රට විසින් කඩ කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා තාවකාලිකව අත්හිටුවීමට යුරෝපා සංගමයට පුළුවන. සහනය දිගටම ලබා ගැනීමට නම් කළ යුත්තේ සරල දෙයකි. ඒ අදාළ අයිතිවාසිකම් ඵලදායී ලෙස ක‍්‍රියාවට නැගීමයි. කේළම් කියා මෙම සහනය අහිමි කිරීමට කිසිවෙකුටත් නොහැකිවා මෙන්ම චණ්ඩි පාට් මගින් සහනය ලබා ගැනීමද කළ නොහැකිය.GSP+ සහනය ඉදිරියටත් ලංකාවට ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්දැයි යන සංවාදයක් ආරම්භ කිරීමට ‘සමබිම’ අපේක්ෂා කරයි. ඒ පිළිබඳ ඔබේ අදහස් අප වෙත කෙටියෙන් ලියා එවන්න.නැත්නම් එස්.එම්.එස්.පණිවිඩයක් මඟින් 077-1937670 වෙත එවන්න.


GSP+ ගැන GLP කියන්නේ ඇත්තද යන මාතෘකාව යටතේ මීට මාස කීපයකට පෙර අප ලිපියක් පළ කළා සමබිම පාඨකයන්ට මතක ඇත. GSP+ සහනය තව දුරටත් ලංකාවට ලැබෙන බවට ජී.එල්.පීරිස් ඇමතිවරයා කළ ප‍්‍රකාශය අපි එම ලිපියෙන් විවේචනය කළෙමු. අවසානයේදී දැන් යුරෝපීය කොමිසම විසින් තම අවසාන වාර්තාව නිකුත් කර ඇති අතර ඒ පිළිබඳව 2009 ඔක්තෝබර් 19 වන දින ලංකාව වෙත දැනුම් දීමක් එවා ඇත. එම නිවේදනයෙන් කියවෙන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය වධහිංසා හා වෙනත් කෲර, අමානුෂික, අවමන් සහගත සැළකීම් හෝ දඬුවම් වලට එරෙහි සම්මුතිය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්ති අන්තර්ගත කරන ලද ශ‍්‍රී ලංකාවේ ජාතික අණපනත් සාර්ථකව ක‍්‍රියාවේ යොදවා නැති බවය. මෙම තීරණවලට අනුව දැන් කොමිසම විසින් සළකා බලනු ඇත්තේ GSP+ සහනයන් කිහිපයක් හෝ සියල්ලම තාවකාලිකව නතර කිරීම කළ යුතු ද යන්නය.
GSP+ යනු ධරණීය සංවර්ධනය සහ යහ පාලනය සඳහා වූ විශේෂ දීමනා සැකසුම් පොදු ප‍්‍රමුඛතා පද්ධතියට භාවිතා කරන කෙටි නාමයයි. ශ‍්‍රී ලංකාව දෙදාස් පහේ සිට GSP+ නිසා ප‍්‍රයෝජන ලබා ඇත. එමගින් මානව හිමිකම්, කම්කරු අයිතීන්, පරිසර සංරක්ෂණය සහ යහපාලනය සම්බන්ධ මූලික ජාත්‍යන්තර සම්මුතීන් කිහිපයක් එනම්, සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, වධහිංසා හා වෙනත් කෲර, අමානුෂික, අවමන් සහගත සැළකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුතිය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය පිළිගෙන ඒවා සාර්ථකව ක‍්‍රියාත්මක කරන දියුණු වෙමින් පවතින රටවලට දැනටමත් ලබා දෙන සහනයන්ට අමතරව ආනයනය කිරීමේ බදුවල අඩු කිරීමක් හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් හරහා අතිරේක බදු සහනයක් ලැබේ.
GSP+ සහනයන් ලබාදීම හා පවත්වාගෙන යාම සිදුවන්නේ අර්ථලාභී රටවල් එයට ඇති සුදුසුකම් පිළිබඳ කොන්දේසි සැපිරීම මත වන අතර මෙම සුදුසුකම් යුරෝපීය කොමිසමේ කවුන්සිල රෙගුලාසි අංක 732/2008හි හෙවත් GSP+ රෙගුලාසිවල දක්වා ඇත. යම් රටක ජාතික අණපනත් තවදුරටත් අදාළ මූලික ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුගත නොවන විටදී GSP+ සහනයන් කිහිපයක් හෝ සියල්ලම තාවකාලිකව නතර කිරීමට මෙම රෙගුලාසි වලින් ප‍්‍රතිපාදන සලස්වා ඇත. එවැනි තාවකාලික නතර කිරීමක් සාධාරණීකරණය කළ හැකි තොරතුරු කොමිසමට ලැබෙන අවස්ථාවක දී යථා තත්ත්වය වටහා ගැනීමට හා සුදුසු පියවර නිර්දේශ කිරීම සඳහා පරීක්ෂණයක් සිදු කිරීමටද ඉහත කී රෙගුලාසි වලින් ඉඩ සලසා ඇත.
2008 ඔක්තෝබර් 14 වන දින කොමිසම තීරණය කරන ලද්දේ ඒ වන විට ලැබී ඇති තොරතුරු මත ශ‍්‍රී ලංකාව විසින් සමහර මානව හිමිකම් සම්මුතීන් ක‍්‍රියාත්මක කර ඇති ආකාරය ගැන පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෑහෙන හේතු පවතින බවය. මෙම පරීක්ෂණයේ ප‍්‍රතිඵල ලැබෙන තෙක් GSP+ ප‍්‍රමුඛතා සහනයන් ශ‍්‍රී ලංකාවට දිගටම ලැබෙමින් තිබුණු අතර ඒ හේතුවෙන් පරීක්ෂණයේ ප‍්‍රතිඵල වලට යටත්ව ශ‍්‍රී ලංකාව වර්ෂ 2009 සිට 2011 කාලය සඳහා අර්ථලාභී රටවල් ලැයිස්තුවට අඩංගු කර ඇත. කොමිසම විසින් 2009 ඔක්තෝබර් 19 වන දින පරීක්ෂණය අවසන් කර එහි ප‍්‍රතිඵල සම්බන්ධ වාර්තාවක් නිකුත් කරන ලදි.
ප‍්‍රසිද්ධ නිවේදනයකට ප‍්‍රතිචාර ලෙස අදාළ පාර්ශ්ව වලින් ලැබුණු ප‍්‍රතිචාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු ප‍්‍රකාශන හා ලබාගත හැකි වාර්තා මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ආදී වෙනත් මූලාශ‍්‍ර වලින් ලබාගත හැකි වාර්තා හා තොරතුරු ද කොමිසම විසින් ප‍්‍රවේශමෙන් විමර්ශනය කරන ලදී. එසේම ප‍්‍රශ්නගත වී ඇති ජාත්‍යන්තර සම්මුතීන් තුනක් ක‍්‍රියාවේ යොදවා ඇති ආකාරය පිළිබඳව ස්වාධීන විද්වත් තක්සේරුවක්ද ලබාගන්නා ලදී. අවසන් වශයෙන් සමාන්තර දේශපාලන කතිකාව තුළ ශ‍්‍රී ලංකාව විසින් සපයා ඇති තොරතුරු ද කොමිසම විසින් සළකා බලන ලදී.
කොමිසමෙහි තීරණය වන්නේ විශේෂයෙන්ම සිවිල් හා දේශපාලන අයිතීන් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය, වධහිංසා හා වෙනත් කෲර, අමානුෂික, අවමන් සහගත සැළකීම් හෝ දඬුවම් වලට එරෙහි සම්මුතිය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්ති අඩංගු වන ශ‍්‍රී ලංකාවේ ජාතික අණපනත් සාර්ථකව ක‍්‍රියාවේ යොදවා නැති බවයි.
මෙම තීරණ වලට අනුව දැන් කොමිසම විසින් සළකා බලනු ඇත්තේ GSP+ සහනයන් කිහිපයක් හෝ සියල්ලම තාවකාලිකව නතරකිරීම කළ යුතු ද යන්න සහ කවුන්සිලයේ සිටින යුරෝපීය කොමිසමේ සාමාජික රටවලට මේ සම්බන්ධව සුදුසු ක‍්‍රියාමාර්ගයක් යෝජනා කළ යුතු ද යන්නයි. එවැනි යෝජනාවක් ඉදිරිපත් කර අනතුරුව එය කවුන්සිලය විසින් සම්මත කරගනු ලැබුවහොත් එම සම්මත කිරීමේ දිනයෙන් මාස හයක් ගත වීමෙන් පසු එම යෝජනාව ක‍්‍රියාත්මක වනු ඇත.

Thursday, October 22, 2009

‍නේපාලේ මෙහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ?

ෆ්‍රෙඞී ගමගේ
නිදහසේ වේදිකාව ගැන අද වැඩි දෙනෙකුට තියෙන ප‍්‍රශ්නය තමයි ‘අපොයි යූ.ඇන්.පී නේද’ කියන එක.
මේ ප‍්‍රශ්නය අහන දෙවර්ගයක් මේ සමාජයේ ඉන්නවා.
එක් කට්ටියක් මෙලෝ වැඩකට එන්නෙ නැති ඇඟ හොරු.එයාලට මේ වැඩවලට ඇවිත් තියෙන ආතල් කඩාගන්න බැරි හින්ද මේ තර්කෙ දාල තමන් ප‍්‍රගතිශීලී පොරවල් කියල අනික් අයට හිතවන්ඩ හදනව.මේ වගේ අයගෙන් වැඩක් නැහැ.මෙහෙම අය බහුතරයකින් තමයි මේ සිවිල් සමාජය හැදිල තියෙන්නෙ.
මේ අයගෙන් අති බහුතරයක් මේ තියෙන ආර්ථික අර්බුදය ඇතුළෙ ව්‍යාපෘති නැතිවෙලා ගිහින් ළඟදිම නන්නත්තාර වෙන්න නියමිතයි.
ඒ වගේම තවත් කට්ටියක් ඉන්නවා.අපි හිතනවා ඒ අය ගැන නම් මේ සමාජයේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇත්ත ව්‍යාපාරයක් හදන්න මහන්සි ගන්න අය අවධානය යොමුකළ යුතුයි.
ඒ අයත් අහන ප‍්‍රශ්නයක් තියෙනවා.ඒ තමයි ඇයි අපි මේ දේශපාලන පක්ෂ එක්ක වැඩ කරන්නෙ කියල.ඇයි අපට බැරි අපිම එකතුවෙලා කරගන්න.
මේ ප‍්‍රශ්නෙ දැනටමත් එවැනි බහුතරයක් අතර ප‍්‍රමාණවත්ව සාකච්ඡා කෙරිල තියෙනවා.
මේ උත්සාහය ඒ ප‍්‍රශ්නය තවත් තේරුම් ගැනීම සඳහා වෙනත් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ව්‍යාපාරවල අත්දැකීමක් බෙදාගැනීමටයි.
මේකෙදි ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුකළ යුතු රටක් තමයි නේපාලය.
නේපාල දේශපාලන සමාජය තුළ සියළු බලවේග එක්තැන් කරන්න පදනම වැටුණෙ සියළු දෙනාට දේශපාලනය කළ හැකි පරිසරයක් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවය මතයි.
2005 පෙබරවාරි මාසෙ නේපාලයේ නාමික නායකයා වූ ගයනේන්ද්‍ර රජු විසින් පාර්ලිමේන්තුව අහෝසි කර යුද නීතිය පනවන්න යෙදුණා.
මාර්ෂල් ලෝ හෙවත් යුද නීතිය කි‍්‍රයාත්මක කිරීම ගැන රජු විසින් ගෙන ආ තර්කය තමයි මාවෝවාදී කැරැල්ල පාලනය කිරීමට සිවිල් දේශපාලනඥයින් අසමත් බව.ඒ හින්දා සියළු බලතල තමන් තුළ සංකේන්ද්‍රණය කරන්නට ඔහු කි‍්‍රයාත්මක වෙනවා.
දුරකථන විසන්ධි කිරීමේ සිට ප‍්‍රධාන දේශපාලන නායකයන් සිරගත කිරීම හරහා පුද්ගලයන් අතුරුදහන් කිරීම දක්වා විවිධ මර්දන ක‍්‍රියා රජු යටතේ සිදුකෙරුණා.ඇතැමුන් ඉන්දියාවටත් තවත් රටවලටත් පැන යාම මේ කාලයේ සුලබ තත්වයක් වුණා.
මේ පසුබිම විසින් තමයි දේශපාලන සමාජයටත් සිවිල් සමාජයටත් එකට එකතු වී ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් හදාගැනීම වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ මූලික පියවරක් ලෙසින් 2005 පෙබරවාරි පළවෙනිදා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා පක්ෂ හතක සන්ධානයක් ගොඩනැගුවා. සිවිල් සමාජ සංවිධාන, මාධ්‍ය සංවිධානද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඒකාබද්ධ වුණා.
දෙසැම්බර් 12 වනදා මූලික කරුණු ෙදාළහක් ඇතුළත් පදනම් ලියවිල්ලකට මාවෝවාදී කැරලිකරුවන් සහ පක්ෂ හතේ සන්ධානය විසින් අත්සන් තැබුණා.
මේ ව්‍යාපාරයේ එක් තීරණාත්මක සන්ධිස්ථානයක් තමයි පක්ෂ සන්ධානය ඇතුළු නේපාල සිවිල් සමාජය එක්ව වැඩවර්ජන රැල්ලක් සංවිධානය කිරීමට ගනු ලබන තීරණය.
අපේ‍්‍රල් 5-9 වර්ජන රැල්ලෙහි සාර්ථකත්වය මත එය නොනවතින බහුජන අරගල රැල්ලක් ලෙසින් ඉදිරියට ගෙන යාම සඳහා දින නියමයකින් තොරව වර්ජන සහ ජනතා උද්ඝෝෂණය දිගටම ගෙන යාමට අපේ‍්‍රල් 09 වෙනිදා තීරණය කෙරුණා.
මෙම අරගලය තවදුරටත් විරුද්ධ පක්ෂවල උදඝෝෂණයක් නොව ජනතාවගේ අරගලයක් සහ ජනතා ව්‍යාපාරයක් බව අපේ‍්‍රල් 9 වෙනිදා මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂ නායක ප‍්‍රචණ්ඩ සහෝදරයා ප‍්‍රකාශයක් කළා.
අපේ‍්‍රල් 21 වෙනිදා වන විට ලක්ෂ පහක ජනතාවක් පාරට බැස හමාරයි. ඉතාම අඩුවෙන් ගණන් බැලූ සංඛ්‍යා ලේඛන අනුවත් (උදාහරණයක් වශයෙන් ජනරළ උද්ඝෝෂණයට කොළඹට පැමිණි පිරිස පිළිබඳව රොයිටර් කරුණාතිලකගේ එස්.එම්.එස් පණිවුඩය වැනි) ලක්ෂ තුනක් පාරට බැස තිබෙනවා.
මෙදින සවස නැවත පාර්ලිමේන්තුව ප‍්‍රතිෂ්ඨාපනය කොට ජනතාවට පරමාධිපත්‍ය බලය ලබා දෙන බව ප‍්‍රකාශ කිරීමට ගයනේන්ද්‍ර මහ රජාණන් ට සිදු වුණා.
මාවෝවාදීන් මෙහිදී කියා සිටින්නේ පාර්ලිමේන්තුව ප‍්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පමණක් ප‍්‍රශ්නය නොවිසෙදන බවයි.ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරන ලෙසත් රාජාණ්ඩුව අහෝසි කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.
මේ අනුව රාජාණ්ඩුව අහෝසි කර නේපාලය ජනරජයක් බවට පත් කරනු ලැබුවා.දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධානවල ඒකාබද්ධතාවයෙන් ගොඩනැඟුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා අරගලය ජයග‍්‍රහණය කළා.

Back to Home

දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සහ අනර්කලී සාධකය

අවම මට්ටමක පවතින ශ‍්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි යන්න කාන්තා අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් ඉදිරිපත් වන ඉල්ලීමකි. නමුත් මේ පිළිබඳ ව මෙතෙක් වඩාත් සාධනීය සංවාදයක් ඇති වුයේ නැත. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී නිළියන් දෙදෙනෙක් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමත් සමඟ එය වඩා සංවාදයට බඳුන් විය. එනිසා මෙවර සමබිම තුළින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.
තාරා ශ‍්‍රී රාම්



කුටුම්භය තුළ අනර්කලීගේ සාම්ප‍්‍රදායික භූමිකාව වෙනස් වෙලා නැහැ


නිමල්කා ප‍්‍රනාන්දු
සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කාන්තා සන්ධානයේකැඳවුම්කාරිය

ඉන්දියාවේ සමහර ජන සමාජවල කාන්තාවක් පිරිමියෙක් අතින් දුෂණයට ලක්වුණාම ඇයට මාවත් දෙකක් තිබෙනවා. එකක් නීතිය හමුවට ගොස් ඒ මාර්ගයෙන් කටයුතු කර දුෂකයාට දඬුවම් දීම. කාන්තාවක් දුෂණය වීම නීති විරෝධී දෙයක්. ඒ අනුව, ඇය තෝරා ගන්නා පළමු මාවතේදී දුෂණයට විරුද්ධව නීතිය ඉදිරියට ගොස් සටන් වැද යුක්තිය ඉටු කරවා ගැනීමට හැකිය.

Read more....








අනර්කලීගේ ආගමනය සමාජ ක‍්‍රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක්

හසිනි හපුතන්ත‍්‍රි
යොවුන් ලේඛිකා

ලාංකික ස්ත‍්‍රී දේශපාලනය තුළ ලංකාවෙ තීන්දු තීරණ ගන්නා ස්ථානයක ස්ත‍්‍රියගේ රික්තය පුරවන්න අනර්කලීට ඇති හැකියාව මට තාම පැහැදිලි නැහැ. ඇය වෙනත් ස්වරූපයකින් අපේ කම, ගමේ කම, සුචරිතවාදය මුල්කර ගත් සාම්ප‍්‍රදායික ස්ත‍්‍රී ආදර්ශයට අභියෝග කළ බව ඇත්ත. ඇඳුමෙන්, පැලඳුමෙන් හා ජීවන රටාවෙන් පමණක් නෙවෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිශීලියි කියා අපි අඳුනන කාන්තාවන්ට පවා කළ නොහැකි විදිහට තම පෞද්ගලික ජීවිතය ගැන විවෘතවීමට ශක්තියත්,


Read more....







දේශපාලනයට එන කාන්තාවන්ට ලිංගිකත්වය ඈදා ගෙන පහර ගැසීම හෙළා දැකිය යුතයි


කුමුදුනී සැමුවෙල්
අධ්‍යක්ෂිකා
කාන්තාව හා මාධ්‍ය සාමුහිකය

ලංකා දේශපාලනය තුළ සංඛ්‍යාත්මකව කාන්තා නියෝජනය අඩුයි කියන එක මමත් විශ්වාස කරනවා. නමුත් ඒකට හේතුව පක්ෂවලින් ඉදිරිපත් කරන කාන්තාවො ජයග‍්‍රහණය කරන්නෙ නැහැ කියන ප‍්‍රකාශය සහමුලින්ම වැරදි තර්කයක්. අපි මෙතෙක් කරල තියෙන පර්යේෂණ සහ විශ්ලේෂණ වලට අනුව ප‍්‍රධාන ධාරාවේ පක්ෂ ගත්තම හැමදාම ඔවුන් කාන්තාවන්ට ලබා දී තිබෙන්නෙ සීයට පහකට අඩු අපේක්ෂකත්වයක්.

Read More....

View All PDF