සාකච්ඡා කළේ - තාරා ශී‍්‍ර රාම්
ඔබ හිතන්නේ මම ඔබ එක්ක කලාව ගැන කතා කරන එකද වඩා සුදුසු? නැත්නම් දේශපාලනය ගැන කතා කරන එකද?
මට හිතෙන්නේ දේශපාලනය විසින් සියල්ලම අවසන් කරල තියෙන මොහොතක කලාව ගැන කතා කළත්, දේශපාලනය ගැන කතා කළත් දෙන්න තියෙන්නේ එක හා සමාන උත්තරයක්.කලාවේ විනාශය ගැන කතාකරනවාද ? කලාවේ දේශපාලනය විසින් සමස්ථයට කරන ලද විනාශය ගැන කතා කරනවාද කියන එක අද ප‍්‍රශ්ණයක්. ඇත්තටම අපිත් ඉන්නේ ඔබ අහන ප‍්‍රශ්නයෙන් කෝකට උත්තර දෙනවද කියන එක නිශ්චය කරගන්න බැරුව.
අද දවසේ දේශපාලනය ගැන කතා කරන එක වඩා වැදගත් කියලා මම ඔබට යෝජනා කළොත්......
අද දවසේ දේශපාලනය ගැන කතා කරන එක වඩා වැදගත් කියලා මම ඔබට යෝජනා කළොත්......
දේශපාලනය කියලා කියන්නේ මොකක්ද? අද දේශපාලනය කියලා කිසිදෙයක් නැහැ. අද තියෙන්නේ මිනිස්සු තුන්වේල කන්නේ කොහොමද කියලා හිතන තත්වයක්. මිනිස්සු සත්තු වගේ මොනව හරි කරල ජීවත් වෙන්න උත්සාහ කරනවා.
ඔබ කලාව තුළින් රටේ යම්කිසි වෙනසක් කිරීමට උත්සාහ දරපු කෙනෙක්. අද වනවිට කලාවට හිමිවෙලා තියෙන තැන මොකක්ද ?
අද කලාවටත් රටේ වෙනස් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි දොට්ට බැහැපු 70 දශකයේ තමයි කලාකාරයෝ බිහිවුණේ. අපිට ඉතිහාසයක් තියෙනවා. මේ ඕපපාතික බිහිවීමක් නෙවෙයි. 60-70 දශකවල අපි කරපු කලාත්මක නිර්මාණවලට සමගාමීව දේශපාලනයක් තිබුණා. 89 ජනතා විමුක්ති පෙරමුණේ කැරලි කෝලාහල මැද්දෙ මම කරපු ධවල භීෂණ, ඉන් පස්සේ දැවැන්ත පැසිස්ට් වාදයට මේ රට තල්ලූ කරගෙන යන වෙලාවෙ කරපු යක්ෂාගමනය, ඒකාධිපති වගේ නාට්‍ය නැරඹූ අය දන්නවා අපිට තිබුණ වේදනාව මොකක්ද කියලා. ඒත් අද කාටවත් ඒක වෙනස් කරන්න පුළුවන් තත්වයක් රටේ නැහැ. වුවමනාවකුත් නැහැ. ඉවසීම අංක එක බවට පත් වෙලා. සිංහල සමාජයේත්, දෙමළ සමාජයේත්, සමස්ථ ශ‍්‍රී ලංකාවේත් බහුතර පිරිසක් තීරණය කරල තියෙන්නේ රටේ දැන් තියෙන තත්වය අභිබවා යන්න නෙවෙයි. ඒකත් එක්කම ජීවත් වෙන්න.
ඔබේ දැක්මට අනුව අද රට ගමන් කරන දිශාව මොකක්ද ?
මට හිතෙන්නෙ කොයිම දිශාවක්වත් නැහැ. ගොඩනැඟිලි හැදෙනවා. පාරවල්, ගුවන් පාලම් ඉදිවෙනවා. මිනිස්සු ඕව උඩ නැඟලා අහසට යන්න කල්පනා කරනවා හැර වෙන මාවතක් ගැන හිතන බවක් පේන්න නැහැ. තමන්ගෙ පරම්පරාවෙන් පස්සෙ ඊළඟ පරම්පරාවට විදින්න වෙන විනාශය ගැන කිසි මිනිහෙක් හිතන්නෙ නැහැ. මේ මනුෂ්‍ය සමාජයේ මම තෝරගත්ත විෂය කලාව. වෙන විෂයක් තෝරගත්ත නම් අපේ ඊළඟ පරම්පරාවට, රටට වෙන විනාශය ගැන වේදනාව මීට වඩා අවම විදිහට දැනෙන්න තිබුණා.
රාජ්‍ය මතවාදය ජාතිවාදී වීම ඔබ දකින්නෙ කොහොමද ?
රාජ්‍ය මතවාදය ජාතිවාදී වීම ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. රාජ්‍ය මතවාදය අපි නිදහස ලබා ගත්ත තැන ඉඳලම ජාතිවාදියි කියල දේශපාලන ඉතිහාසය හදාරන කොට තේරෙනවා. එදා ඒක වළක්වා ගන්න බැරිවීමේ විපාක ඵලය තමයි අපි අද මේ විඳින්නෙ. 56 යේ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ සිංහල පමණක් රාජ්‍ය මතවාදය කිරීම කියන ජනප‍්‍රිය මතවාදයේ ඉඳන් මේ වන තෙක් රටේ දේශපාලන ඉතිහාසය ගත්තොත් අද සිද්ධවෙන සියල්ල 50 දශකයේත් සිදුවුණා. අද කිසි මිනිහෙක් ඒගැන කතා කරන්නෙ නැහැ. අද ඉන්න භික්ෂූන් වහන්සේලා මේ අද ඊයේ උපන්නා වගේ කතා කරන්නෙ. මේ ගැටලූ ඔක්කොම වර්ධනය කරලා තියෙන්නෙ බෞද්ධ භික්ෂූන් වහන්සේලා. අපේ ඉතිහාසය පුරාම තියෙන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ලබා ගත්ත බලයක්
නෙවෙයි. බලහත්කාරයෙන් තර්ජන, ගර්ජන වලින් බලෙන් උදුරා ගත් බලයක්. නැත්නම් ඝාතනය කරල බලය ලැබීමක්. අද දැවැන්ත දේශප්‍රේමීන් විදිහට කතාකරන මිනිස්සු නැවත ඉතිහාසය තුළින් උත්තර දෙන්න ඕනෙ.ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජ්ජුරුවො කියන්නෙ දෙමළෙක්. බි‍්‍රතාන්‍යයන්ට විරුද්ධව පෙනී හිටපු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහව අල්ලා දෙන්නෙ කවුද? සිංහල නිලමේවරු, අධිකාරම්ලා. මේ ප‍්‍රතිවිරෝධාත්මක මානසික තත්වය මුළු ඉතිහාසය පුරාම එනවා. දැන් මහාවංශ කතෘවරුන්ගේ නිගමන අනුවනේ අපේ මිනිස්සු ඉතිහාසය කියවන්නෙ. ඒ නිසා ඉතිහාසයේ සම්භවය තුළ අපි පැවත එන්නෙ විජයගෙන් කියනවානම් අපිට කියන්න පුළුවන් ඒ කතාව හරි කියලා. හේතුව විජය කියන්නෙ සිංහයෙකුට දාව උපන් පුතෙක්. ඒ සිංහබාහු සහවාසයේ යෙදෙන්නෙ සිංහසීවලී එක්ක. ඒ කියන්නෙ අයිය-නගෝ සහවාසය. ඒකෙ ප‍්‍රතිඵලය විකෘතියක්නෙ. ඒ විකෘති ප‍්‍රතිඵලය විජය නම්, අපි ඔහුගෙන් පැවත එනවා නම්, මේ වර්ථමානය ඉතාම නිවැරදියි.
රටේ දැනට තියෙන මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් වපුරන ජාතිවාදී මතවාදය නිසා සිංහල-දෙමළ මිනිස්සු තවදුරටත් දුරස්ථවීම කලාකරුවෙක් විදිහට ඔබ දකින්නෙ කොහොමද?
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කලින් 94 චන්ද්‍රිකා ආණ්ඩුවත් ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් කියලා විශ්වාස කරපු මිනිස්සු අතර අපිත් හිටියා. පස්සෙ ඒ විශ්වාසෙට මොකද වුණේ.දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේසා විශාල ජාතිවාදී පදනමකට යනවා කියලා අපි විශ්වාස කරනවානම් ඒ අර චන්ද්‍රිකා ආණ්ඩුවේ අවසාන භාගයේ ලියන ලද න්‍යාය පත‍්‍රයේ කොටසක් මිස අලූත් දෙයක් නෙවෙයි. චන්ද්‍රිකා යන්න ගිය දිශාන්තය වෙනස් කරලා සම්පූර්ණයෙන් වෙනත් පැත්තකට හැරෙව්වෙ ඒක ඇතුළට ගිය ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදයයි. ඒ දිශාන්තය වෙනස් කිරීමේ ඵල විපාක තමා මේ. චන්ද්‍රිකා විතරක් නෙවෙයි හැම ආණ්ඩුවක්ම අවස්ථාවාදය තුළ තමා බලය රැකගෙන තියෙන්නෙ. වර්තමානය කියන්නෙ ඉතිහාසය විසින් ඇතිකරන ලද තත්වයේ එක අවස්ථාවක් පමණයි. මේකෙ භයානකම අදියර උදාවෙන්නෙ තව ඉදිරියට. අපි හිතනවා මේක තමයි භයානකම අවස්ථාව කියලා. නමුත් දශකයෙන් දශකය අපි පසුකරන්නෙ දැවැන්ත විනාශයක් කරා.
යුද්ධය අවසන් වෙනවානම් ජීවන වියදම කොතරම් ඉහළ ගියත් කමක් නැහැ කියමින් බහුතර ජනතාව පසුගිය මැතිවරණ වලදී රාජ්‍ය මතවාදයට පක්ෂව ඡන්දය දුන්නා. මෙය ඔබ වැනි මානව හිතවාදීන්ගේ මතය පසුබෑමකට ලක්වීමක් නේද?
ඇත්තටම අපි දැන් ජීවත් වෙන්නෙ සුළු ජාතියක් විදිහට. අද අපිට දෙමළ මිනිසෙකුගේ ප‍්‍රශ්නයක් ගැන එකඟ වූ දේශපාලනයක නොපිහිටා කථාකරන්න අවසර නැහැ. බහුතරයක් තමන්ගේ බලය වඩා ගැනීම සඳහා ඇතිකරගත්ත ස්ථාවරයක් තියෙන්නෙ. මේක ස්ථාවරයක් නෙවෙයි බඩගෝස්තරවාදය. අපි කලාකාරයෝ. අපිට වටින්නෙ යාන-වාහන, නිල බලය නෙවෙයි. ප්‍රේක්ෂකාගාර වටකරගත්ත රසිකයෝ. ඒ නිසා ඉතා අමාරුවෙන් මේ කාලකණ්ණි වර්ථමානය ඇතුළේ මනුස්සකම රැකගෙන ඉන්නවා.
මේ අභියෝගයට අපි මුහුණ දෙන්නෙ කොහොමද ?
දැන් මිනිස්සු එකඟවෙලා තියෙන්නෙ බඩගින්නේ හිටියත් කමක් නැහැ යුද්දෙ කරමු, ගහලා විනාශකරමු, රට අපේ කරගමු කියන මතයට. දැන් සමාජය ඉදිරියට යන්නෙ අපි මෙහෙම තනියෙන් හුදකලාව කථාබහ කරන එක නෙවෙයි. පාර්ලිමේන්තුවේ, නැත්නම් දේශපේ‍්‍රමී සංවිධානයක් හදාගෙන ගිරිය යටින් පුප්පගෙන කරන කෑකෝ ගැහිල්ල. මිනිස්සු දන්නවා තමන් එකතුවෙලා ඉන්නෙ බොරුව වටා කියලා. ඒත් එහෙම ඉන්න සිද්ධවෙලා තියෙන්නෙ මිනිස්සුන්ගේ අසරණකමට. දැන් බඩගින්නෙ තුන්වේලක් හිටපන් කීවොත් තුන්වේල බඩගින්නෙ ඉන්න තරමට මිනිස්සු යටහත් පහත් වෙලා ඉන්නෙ. අද අපි ඉදිරියේ තියෙන ප‍්‍රධානම අභියෝගය තමයි නිහඩව ඉඳීමෙන් තමයි මේ තත්වයට මුහුණදෙන්න පුළුවන් කියලා හැම මිනිහෙක්ම විශ්වාස කිරීම. මීට පෙර දශකවල මිනිස්සු බල ඒකාධිකාරයට එරෙහිව ප‍්‍රතික‍්‍රියා දැක්වුවා. මේ system එකේදී එක මිනිහෙක් යෂ්ටිය අරන් තව මිනිහෙකුට දෙනවා. අපි අපි ගැන නෙවෙයි, දැන් ඊළඟ පරම්පරාව ගැන හිතන්න ඕන. විශේෂයෙන්ම තමන්ගේ කලා නිර්මාණ කි‍්‍රයාවලිය සඳහා තියෙන නිදහස ප‍්‍රශ්න කිරීමකට ලක් වෙලා තියෙද්දී කලාකරුවෝ කියාගන්නා කොටස් ඒ මතවාදය ශක්තිමත් කරනවා වර්තමානයේ. අපි ඉන්න 21 වන සියවසේ ලෝකය පුරාම කලාකරුවෝ එවැනි දේ ප‍්‍රතික්ෂේප කරද්දී ලාංකීය භූමියේ කලාකරුවෝ බහුතරයක් ඒක අනුමත කරනවා.
වර්තමානයේ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම දේශීය හා ජාත්‍යයන්තර රාජ්‍ය නොවන සංවිධානවල කාර්යයක් බවට පත් වෙලා. නමුත් එවැනි මැදිහත් වීම් වලින් තොරව මානව හිමිකම් රැකගන්න අවශ්‍යතාවක් සමාජයේ ගොඩනැඟෙන්නෙ නැත්තේ ඇයි ?
මං හිතන්නෙ ඔයා මතු කලේ වැදගත් කාරණයක්. එහෙම අවශ්‍යතාවක් මතු නොවෙන්න හේතුවන කාරණා කිහිපයක් තියෙනවා. අපේ සිවිල් සමාජය තුළ තියෙන ප‍්‍රශ්නයක් තමයි රට මේ වගේ අර්බුදයකට යනකොට මිනිස්සු හුදකලා වීම. මිනිස්සු තනි තනි පුද්ගලයෝ විදිහට සමාජයේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ තමන් විඳපු අත්දැකීම්වල ප‍්‍රමාණය අනුව. දැන් පාරේ ඇවිදින මිනිස්සු දැකපුවාම මට හිතෙන්නෙ මිනිස්සු රෝගී තත්වයකින් පෙළෙනවා කියලා. කොයි මොහොතෙද තමන් මැරෙන්නෙ කියල මිනිස්සු භීතියෙන් ඉන්නෙ. මේක පොඩි ප‍්‍රශ්නයක් නෙවෙයි. ඊළඟ කාරණය 1983 අපේ ඇස් පනාපිට දෙමළ මිනිස්සු මුහුණ දුන්න අවාසනාවන්ත තත්ත්වය. ඒ තැති ගැන්ම අද වෙනකම් ඔවුන්ගේ ඔලූවලින් ගිලිහිලා නැහැ. එදා මේ රටෙන් පිට වෙච්ච ජනතාව අද අපි අතවැනුවත් ‘මෙහෙ ඇවිල්ලා හිටපන් ’ කියලා නැවත මේ රටට එනවා තියා ඔවුන් එවැන්නක් හිතන්නෙවත් නැහැ. ඊට පස්සෙ 89 කලබල. එදා මේ රණවිරුවෝ concept එක වැඩ කලේ නැත්තෙ ඇයි? එදත් ජාතිය බේරා ගැනීම, රට බේරා ගැනීම, පැවති ආණ්ඩුව බේරා ගැනීම ආදී සියල්ලම කළේ රජයට අනුයුක්ත හමුදා ඒකක විසින්. ඇයි අපි එදා ඔල්වරසන් නැඟුවෙ නැත්තෙ. එදා තිබුණෙ සිංහලයා සිංහලයාට එරෙහිව කරපු සටනක්. ඒක සිංහල ආධිපත්‍ය යටතේ සිංහලයා දෙමළට එරෙහි වෙනවාට වැඩිය බරපතල තත්වක්. ඇයි ඒක එදා දෙබසක් විදියට නොගත්තේ. එදා එය හැමෝම දරාගත්තා. බිරිඳ මලා, සැමියා මළා, දරුවො මළා. ලංකාවේ කොයි අධිකරණයේද නඩුවක් ඇහුවෙ ඒක ගැන.
ත‍්‍රිකෝණි කියන්නෙ මොකක්ද? ත‍්‍රිකෝණි හරහා සිදුවෙන කාර්ය මොකක්ද?
ත‍්‍රිකෝණි කියන්නෙ කොන් තුනයි. වාර්ගිකත්වය, කලාව හා මනුෂ්‍යත්වය මත පදනම් වූ කියන අර්ථයෙන් ත‍්‍රිකෝණි දැක්විය හැකියි. නිර්මාණාත්මකව කටයුතු කිරීමට නිදහස නැතිවෙලා තියෙන මේ මොහොතේ මම ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ වාර්ථා චිත‍්‍රපටියක් නිර්මාණය කරනවා. ඒක අධ්‍යාපනික වාර්ථාකරණයක් ”පාරාදීසයක කඳුළු” කියලා. මේ මාසයේ අන්තිම වෙනකොට ඒක එළියට එනවා. ජනතාවට ඔබ පසුකර දිවෙන්නෙ කුමන අතීතයක්ද කියන තොරතුරු පැහැදිලි කරදීමේ ක‍්‍රියාවලිය විතරයි අප විසින් කරන්නේ.
1 comment:
I love it your Ideas. Thank you very much. You see this Problem in Sri Lanka exactly correct. I wish you all the Best and keep it up your grate work. Now this situation in SL , we should wait and see. But recently coming a time to work for this idiot Sinhala People.
Post a Comment