වෛද්‍ය එම්.ගනේෂන්
මනෝවෛද්‍ය උපදේශක
සාකච්ඡා කළේ - තාරා ශී‍්‍ර රාම්
වර්තමානයේ රෝගීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නිතර වාර්තා වෙනවා. මේ අතරින් මානසික රෝගීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ඉතා වැඩි අතර ඒවා හෙළිදරව් නොවෙන ස්වභාවයක් පේනවා
ඔව්. මානසික රෝගීන් කිසිවෙකුගේ අවධානයට ලක් නොවන පිරිසක්. ඔවුන්ටත් අනෙක් අයට වගේම අයිතිවාසිකම් තියෙනවා.
නමුත් රෝගීන්ගේ පැත්තෙන් බැලූවොත් දැනට ලංකාවේ මානසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවීම් ඉතා වැඩියි.
ඊට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද ?
ප‍්‍රධානම හේතුව මෙරට ක‍්‍රියාත්මක වෙන මානසික සෞඛ්‍ය ආඥපනත. මෙය අවුරුදු 150කට වඩා පරණයි. ඒක නවීකරණය නොවීම ලොකු ප‍්‍රශ්ණයක්. අනෙක බොහෝ මානසික රෝගීන්ට තමන්ගේ ප‍්‍රදේශයේම ප‍්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නොමැතිකම. මානසික රෝගීන්ට වගේම මන්ද බුද්ධික අයටත්, ආබාධිත අයටත් මේ ගැටළුව බලපානවා. ඔවුන් ගැන සෞඛ්‍ය, අධ්‍යාපන, හා සමාජමය වගකීමක් තියෙනවා. නමුත් කවුරුවත් ඒ වගකීම ගන්නේ නැහැ. ලංකාවේ මෙවැනි අය වෙනුවෙන් පවතින සේවා හා ආයතන ඉතා අකාර්යක්ෂමයි. වර්තමානයේ රෝගීන්ගේ පවුල්වල අයට ඒ අය වෙනුවෙන් කළ හැකි කැපවීම ඉතා අවමයි. ලංකාවේ එවැනි අයගේ වගකීම සියයට සීයක්ම ගන්න වෙලා තියෙන්නේ රෝහල් වලට. නැත්නම් ගෙදර අයට. එතනදී ගෙවල් වල අය ගිහින් අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා මේ අයව තමන්ට රැක බලා ගන්න බැහැ කියලා. එතකොට දැනට තියෙන ක‍්‍රමවේදය අනුව මේ රෝගීන් අවසානයේ එන්නේ අංගොඩ රෝහලට.
ප‍්‍රතිකාර සඳහා හෝ නිවෙස්වල රඳවාගැනීමේ අපහසුව නිසා හෝ අංගොඩ රෝහලට බාර දී සුවපත් වූ පසු නිවෙස් වලට රැගෙන නොයන රෝගීන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය කුමක්ද?
එහෙම අය ගොඩක් ඉන්නවා. දැනට අපි පුලූවන් තරම් ඒ අයව ගෙවල් වලට යවන්න උත්සාහ කරනවා. නමුත් ගැටලූව එය නෙවෙයි. සේවාවන් නැති කම. රෝගීන්ගේ නෑයොත් කැමති නැහැ මේ විදිහට තමන්ගේ නෑදෑයන්ව මානසික රෝහලක නවත්තලා ගෙදර යන්න. එයාලටත් ඒක ලොකු හිතේ බරක්. මැරෙනකම් ඔවුන් ඒ ගැන හිතින් විඳවනවා. නමුත් ඔවුන්ටත් කරන්න දෙයක් නැහැ. ඒ පළාත්වල සේවාවන් නැහැ. හුඟක් ඥතීන්ට තමන්ගෙ රෝගියා රෝහලට ගෙන එන්න පහසුකම් නැහැ. අංගොඩ රෝහලට ඒ පහසුකම් තිබුණත් ඉන්ධන වලට අවශ්‍ය මුදල් නැහැ. රුපියල් 500 ක් වැය වෙන වැඬේට අනුමැතිය ගන්න දවස් ගාණක් ගත වෙනවා. ක‍්‍රමවේදයේ නම්‍යශීලී බවක් නැති එකත් ප‍්‍රශ්ණයක්. අනෙක ලංකාවේ මේ වන විට මානසික වෛද්‍යවරුන් ඉන්නේ ඉතාම සීමිත ප‍්‍රමාණයක්.
දැනට සුවපත් වෙලා ගෙවල් වලට ගෙනියන්නේ නැති අය රෝහලේ කොච්චර ඉන්නවාද?
අංගොඩ රෝහලේ දැන් එවැනි රෝගීන් අඩුයි. මුල්ලේරියාව රෝහලේ ඉන්නවා ගැහැණු අය 700ක් විතර. ඒගොල්ලෝ අවුරුදු 25ක්ම අහන්නේ අපිව කවදද ගෙදර යවන්නේ කියලා. දැන් අංගොඩ රෝහලේ රෝගීන් හතර දෙනෙක් ඉන්නවා. මේ අය අවුරුදු ගානක් තියා ගත්තත් කවුරුවත් ඇවිල්ලා අහන්නේ නැහැ ඇයි මේගොල්ලෝ තියාගෙන ඉන්නේ කියලා. දැනට අපි පුළුවන් තරම් හොයලා බලලා ඔවුන්ව ගෙවල් වලට යවනවා. ඒත් ගෙවල් වලට ගියාට පස්සේ මොකක්ද වෙන්නේ කියලා හොයලා බලන්න ක‍්‍රමවේදයක් නැහැ. ඒක තමයි ප‍්‍රශ්ණේ. එහෙම සොයා බලන්න ප‍්‍රජා සේවා වර්ධනය වීම අවශ්‍යයි.
යුද්ධය පවතින ප‍්‍රදේශවල මානසික රෝගීන්ගේ තත්වය ගැන කතා කලොත්.....
හදිසි තත්වයන් යටතේ ඔවුන්ට කරදර සිදුවෙලා තියෙනවා. සමහරු මාර්ග බාධක වලදී නවතින්න සංඥ කලාම ඒවා නොතකා ගිහින් වෙඩි කාපු අවස්ථා තියෙනවා. වරක් සංඥා කරන කොට නැවතුනේ නැහැ කියලා බයිසිකලේ යනකොට එවැනි රෝගියෙක්ට වෙඩි තියලා තිබුනා 2007 වසරේදී මඩකලපුවේ එරාවුර්වල. ඔහු මිය ගියා. ඒ නිසා අපි යුද්ධය පවතින ප‍්‍රදේශවල එවැනි රෝගීන්ගේ ෆොටෝ එකක් ගහලා, ලෙඬේ සඳහන් කරලා, වැඩි විස්තර අවශ්‍ය නම් දුරකථන අංකයකුත් සඳහන් කරලා මෙයා මානසික රෝගියෙක් කියලා හැඳුනුම්පතක් හදලා දුන්නා. ඒකෙන් විශාල ප‍්‍රයෝජනයක් වුනා. එතකොට මොනවා හරි ප‍්‍රශ්ණයක් වුනොත් අපිට එවන්න කියලා අපි පොලීසියට දන්වලා තිබුනා. හැබැයි සමහර ලෙඞ්ඩු නැතිවෙලත් තියෙනවා. ඒ වගේ සිද්ධි කීපවතාවක් වෙලා තියෙනවා. ඒ වගේම යුද්ධය නිසා අවතැන් වෙලා යනකොට තියෙන ප‍්‍රශ්නය තමයි රෝගීන්ට ඔවුන්ගේ බෙහෙත් අරන් යන්න වෙන්නේ නැහැ. සායන අංක නැතිවෙලා. කවදද සායන තියෙන්නේ කියලා දන්නේ නැහැ. මේ දිනවල මුලතිව්, කිලිනොච්චි ඉඳලා අවතැන් වෙලා එන කට්ටිය මන්නාරමේ කෑම්ප් වල 30,000ක් විතර ඉන්නවා. ඔවුන් අතර මානසික රෝගීන් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. ඒත් එතැනට ගිහින් බලන්න හෝ බෙහෙත් කරන්න විදිහක් නැහැ. කාටවත් ඇතුළට යන්නවත්, එළියට එන්නවත් දෙන්නේ නැහැ. එහෙම කවුරු හරි එනවා නම් හෝ යනවා නම් හමුදාවෙන් පරීක්ෂා කරනවා. ඉතින් අපි කොහොමද ප‍්‍රතිකාර සඳහා රෝගීන්ව එළියට ගන්නේ. ඔවුන් දෙමළ පිරිසක්. ඒ නිසාම වෙනත් ගැටලූ මතු වෙනවා.
යුධ ගැටුම් වලට මැදි වී ඇති ප‍්‍රදේශ වල සිවිල් ජනතාව අතරින් දෙමළ ජනයා මෙම තත්වයට ගොදුරු වීමේ වැඩි ප‍්‍රවණතාවක් දකින්න ලැබෙනවා
එයට හේතුව ඒ ප‍්‍රදේශවලදී සහ ආරක්ෂක මුරපොළවල් වලදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන හිරහැර. අද මඩකලපුවට යනව නම් චෙක් පොයින්ට් දහයක් විතර පහු කරන්න ඕන. ඒ බොහෝ තැන් වලදී දෙමළ අය පරීක්ෂාවට ලක්වීමත්, ඔවුන්ගෙන් ප‍්‍රශ්ණ කිරීමත් සාපේක්ෂව වැඩිපුර සිද්ධ වෙනවා. යන්නෙ කොහෙද, කවදද එන්නෙ වගේ විශාල ප‍්‍රශ්න කිරීමකට ලක් වෙනවා. එවැනි අවස්ථාවලදී මිනිස්සු නිහඬව එය දරා ගත්තත් අවසානයේ ඔවුන් ඒ පීඩනය පිටකරන්නේ ගෙදර බිරිඳගෙන්, සැමියාගෙන් හෝ පවුලේ සමාජිකයෙකුගෙන්. නැත්නම් දරුවන්ගෙන්. යුද්ධය නිසා අවතැන් වන පිරිස් අතර මේ තත්ත්වය ඉතා වැඩියි. ඊට හේතුව ඔවුන් කරගෙන සිටින රැකියා, ගෙවල් දොරවල් අහිමි වී තාවකාලික ලැගුම්පොළවල් වෙත පැමිණීමෙන් සිදු වෙන පීඩාවන්. උතුරු-නැගෙනහිර සහ මායිම් ගම්මාන වල කාලයක් තිස්සේ සිද්ධ වෙන මේ ක‍්‍රියාවලිය නිසා ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය, ළමා අපචාර, මත්පැන් බීමෙන් රණ්ඩු සරුවල් ඇතිවීම්, සිය දිවි නසා ගැනීම් ඉතා වැඩියි. ළඟදී රජය සමීක්ෂණයක් කලා. යුද්ධය හෝ යම් විශාල ආපදාවක් නිසා ඇති වෙන මානසික රෝගී තත්වයන් ගැන. නමුත් එය කරපු කණ්ඩායම යුධ බිය නිසා උතුරු-නැගෙනහිර මේ සමීක්ෂණය කලේ නැහැ. සමීක්ෂණය කරපු පළාත් වලින් වැඩිම රෝගී පිරිසක් වාර්ථා වුණේ පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම කියන මායිම් ගම්මාන තියන ප‍්‍රදේශවලින්. එතකොට අනිවාර්‍යයෙන්ම උතුරු- නැගෙනහිර තත්වය ඊට වඩා අවාසනාවන්ත විය යුතුයි.අනෙක් කාරණය මේ ප‍්‍රදේශවල ළමයින්ට පේන්නෙ තමන්ගෙ මව, පියා කාගෙන් හරි බැණුම් අහන හැටි, ගුටි කන හැටි. ඉස්සර අපේ ගෙවල්වලට ආරක්ෂාව දෙන්නෙ තාත්තා. ඒත් මේ ප‍්‍රදේශවල මනුස්සයෙකුට තමන්ගෙ බිරිඳට, දරුවන්ට ඒ ආරක්ෂාව දෙන්න බැහැ. එතනදි බිරිඳ ඔහු දිහා බලන ආකාරය වෙනස් වෙනවා. දරුවන් පාලනය කරන්න බැහැ. එ්ක ඔහුට ගෞරවය පිළිබඳ ප‍්‍රශ්නයක් වෙනවා. ඒක පවුලේ සාමාජිකයන්ට මානසිකව බලපානවා. මෑතකදී මඩකලපුවේ ගෙදරක දෙමළ කාන්තාවක් ඳුෂනයට ලක් වුණා කිහිප දෙනෙකු අතින්. ඇගේ සැමියයි, කුඩා දියණියයි ඉදිරියේ. ඒ සිද්ධියෙන් පස්සේ ඳුෂනයට ලක් වුණ කාන්තාව මානසික රෝගී තත්වයට ගොදුරු වෙලා. සිද්ධිය දැකපු සැමියා සහ දරුවා කම්පනය නිසා කෝමා තත්වයට පත් වෙලා. අනික් පැත්තෙන් හමුදා නිලධාරින් අතරත් මේ තත්වය දකින්න පුලුවන්. වෙඩි තියා ගැනීම්, මිය යාම්, ආබාධිත තත්වයට පත්වීම්, අධික වෙහෙස, මාස ගණන් පවුල් සබඳතා වලින් දුරස්ථව සිටීම වගේ බොහෝ හේතු නිසා හමුදාවත් මේ තත්වයට මුහුණ දෙනවා. ඔවුන්ගෙන් සමහරු තමන්ගේ පීඩනය පිට කරන්නේ ගෙදරින්. මත්පැන් වලින්. නැත්නම් වෙනත් නීති විරෝධී මාර්ගයකින්. මම දන්න තරමින් ඔවුන්ටත් ඒ වෙනුවෙන් කිසි පිළියමක් යොදල නැහැ.
මානසික රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීති සහාය ලැබීමේ දුර්වලතාවක් පවතිනවා. මේ හේතුව නිසා සමාජීය වශයෙන් මෙන්ම නීතිමය වශයෙන්ද රෝගීන්ට අසාධාරණයක් සිදුවෙනවා නේද?
ඔව්. ඒකට එක හේතුවක් නීතිඥවරුන්ට මුදල් ගෙවීමට තරම් ආර්ථීක ශක්තියක් මෙම රෝගීන්ට නැති වීම. අනික ආඥ පනතේ තියෙන නීතිමය දුර්වලතා. ඒකට අනුව මානව හිමිකම් පැත්තෙන් මානසික රෝගීන්ට සිදුවන දේ ආසාධාරණයි. නමුත් ලංකාවේ පවතින නීතිය අනුව මේ සිදුවෙන ක‍්‍රියාදාමය නීත්‍යානුකූලයි.
ඥතීන් විසින් හෝ ස්වේච්ඡාවෙන් එසේත් නැත්නම් සුවපත් වූ පසු නිවෙස් වලින් අතහැර දමා සිටින රෝගීන් සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම සම්පුර්ණයෙන්ම පැවරී ඇත්තේ රෝහලටද?
නැහැ. නමුත් ලංකාවේ එය රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් කරන්න සිදු වෙලා. රෝගීන්ගේ තත්ත්වය අධීක්ෂණය කිරීමට ක‍්‍රියාදාමයක් නැහැ. සමහර රෝගීන් කිසිම හේතුවක් නොමැතිව වසර ගණන් රෝහලේ නේවාසිකව ඉන්නවා. එතනදී ඔවුන්ගේ ඥතීන්ට පමණක් ෙදාස් කියන්න බැහැ. මානසික රෝගීන්, ආබාධිත හෝ මන්ද බුද්ධික අය රැඳවීම, පහසුකම් සැලසීම, ප‍්‍රතිකාර කිරීම, රැකබලා ගැනීම සඳහා සමාජ සේවා ආයතන වෙනත් රටවල වගේ ලංකාවේ නොමැති වීමත්, ඒ වෙනුවෙන් නව නීති සකස් නොවීමත් ප‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රධාන ගැටලූවක්. මේ නිසා මොවුන්ගේ මානව හිමිකම් කඩවීම අනෙක් රෝගීන්ට වඩා වැඩියි. 2005 වසරේ පාර්ලිමේන්තුවේ මානසික සෞඛ්‍යය ප‍්‍රතිපත්තියක් සකස් කලා ඉතා වැදගත් කාරණා ඇතුළත් කරලා. නමුත් එය නඟා සිටුවීමට කිසිවෙක් නැහැ.
Back to Home....
Thursday, October 16, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment