ඊටත් වඩා ප‍්‍රබල ප‍්‍රශ්නය ඇතැම් ජනයා මෙම යුද මුක්ත යැයි නම් කර ඇති කලාපයට ඇතුළු නොවීමත්, ඔවුන් යුද මෙහෙයුම් ඇති ප‍්‍රදේශවලම තවමත් ලැගුම් ගෙන සිටීමත්ය. ඊට හේතුව මෙය යුද මුක්ත කලාපයක් ලෙස නම් කළද මීට පෙර පේසාලේ සහ මඩු දේවස්ථානය යුද මුක්ත කලාපයක් ලෙස ද නම් කළ අවස්ථාවලදී මෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් (UNHCR) මඟින් අධීක්ෂණය(monitor) කිරීමක් මෙම යුද මුක්ත කලාපයේ සිදු නොවීමයි. එවැනි අධීක්ෂණයක් කිසිඳු පාර්ශ්වයකින් සිදු නොවීම හේතු කොටගෙන අවතැන් ජනයාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ඔවුන් පසුවන්නේ දැඩි බියකිනි.
අනෙක් ප‍්‍රබල ගැටලූව වන්නේ වන්නි අවතැන් ජනයාට ඇති ආහාර ප‍්‍රශ්නයයි. මේ වන විට වන්නියට ගොස් ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර රැගත් රිය පෙළ (food convoy) දෙකක් සහ රජයේ නියෝජිතයින් හරහා රිය පෙළ දෙකක් පමණි. එක්සත් ජාතීන්ගේ තෙවන ආහාර රිය පෙළ වන්නියට යැවීම සඳහා සුදානම් කෙරෙමින් පවතී. දැනට බෙදා හැර ඇති ආහාර හා අනෙක් ද්‍රව්‍යවලට අමතරව වන්නියේ කුඩා දරුවන්ට අවශ්‍ය ළදරු කිරිපිටි, කිරිපිටි, සීනි, තේ කොළ, ගිනිපෙට්ටි, ඉටි පන්දම්, මඳුරු කොයිල් හා පානීය ජලය ආදී ද්‍රව්‍යවල විශාල හිඟයක් පවතී. තවද පෙට‍්‍රල් ලීටරයක වත්මන් මිළ රුපියල් එක්දහස් දෙසීයක් වන අතර ලාම්පු තෙල් ලීටරයක් රුපියල් තුන්සිය පණහක් ඉක්මවයි. මේ නිසා ජනතාවට ලබාදෙන වියළි ආහාර පිස ගැනීමද ගැටලූවකි. ඇතැම් හිඟ අමු ද්‍රව්‍යවල මිළ පවා අවතැන් ජනයාට දරාගත නොහැකි අන්දමට ඉහළ නැඟ ඇත.
දැන් වන්නි ප‍්‍රදේශයට වර්ෂාව ආරම්භ වී ඇත. මේ වනතෙක් ඔවුන් ලැඟුම් ගෙන සිටියේ ගස් යට, කැළෑවල, ලඳු කැළෑවල හා කුඹුරුවලය. නමුත් ඇද හැලෙන දැඩි වර්ෂාව හමුවේ මෙම පිරිස් දැඩි අසීරුතාවන්ට මුහුණ පා සිටී. කුඹුරු ජලයෙන් පිරීමත් සමඟ බොහෝ පිරිසක් ධර්මපුරම් මාර්ගය අද්දරට පැමිණ ඇත. මාර්ගය හරහා ගමන් කරන වාහන අධික වේගයෙන් ජනයා ලැගුම් ගෙන සිටින මාර්ගයේ ගමන් කිරීම නිසා දිනපතාම පාහේ දරුණු රිය අනතුරු සිදුවේ. පසුගිය දා කුඩා ළදරුවෙක් මිය ගියේ එවැනි අධිවේගී රථ ධාවනය හේතුවෙනි. කුඩා ප‍්‍රදේශයක විශාල පිරිසක් සමූහ ලෙස ලැඟුම් ගෙන සිටීම නොතකා රියදුරන් රථවාහන වේගයෙන් ධාවනය කිරීම තවදුරටත් දිගින් දිගටම සිදුවේ. මොවුන්ට ලැඟුම් ගැනීමට කූඩාරම් රෙදි හෝ සෙවිලි කර ගැනීමට කිසිඳු අමුද්‍රව්‍යයක් තවම ලබා දී නැත. වන්නියේ සිමෙන්ති කොට්ටයක වත්මන් මිළ රුපියල් විසිහත් දහස ඉක්මවයි. සිමෙන්ති ප‍්‍රවාහනයට පණවා ඇති නීති රීති හේතුවෙන් එක්සත් ජාතීන්ගේ හෝ වෙනත් සහන සේවකයිනට මෙම අසරණ ජනතාව වෙනුවෙන් කිසිඳු ඉදිකිරීමක් කර දීමට හැකියාවක් නැත.
ප‍්‍රදේශයේ සියලූම පාසල් මේ වන විට වසාදමා ඇති අතර එක් පාසලක පමණක් ඉගැන්වීමේ කටයුතු සිදුකරයි. ඒ උදේ කාලයේ ප‍්‍රදේශයේ ස්ථීරව පදිංචි වී සිටි ළමුන්ට හා සවස් කාලයේ අවතැන් වී පැමිණ සිටින ළමුන්ට ආදී වශයෙනි. නමුත් පසුගිය කාලයේ සිදුවූ මාර්ග අනතුරු හේතුවෙන් සවස පන්ති පැවැත්වීම දැනට නතර කොට ඇත. උදේ කාලයේ පාසල් පැවැත්වුණද එම ළමුන්ට අභ්‍යාස පොත් නැත.
වර්ෂාව ආරම්භ වීමත් සමඟම අවතැන් පිරිස් අතර අතීසාරය හා මැලේරියාව වැනි රෝග පැතිරී යමින් පවතී. අධික ලෙස වර්ෂා ජලයට හසුවීමත් වැසිකිළි වලවල් වෙනුවට ලාම්පුතෙල් බැරල් කපා වැසිකිළි ලෙස භාවිතා කිරීමත්, ගලා යන වැසි ජලයට එම අපද්‍රව්‍ය මිශ‍්‍ර වීමත් මෙම රෝගී තත්වයන් පැතිරී යාමට හේතු වී ඇත. මේ අතර කිලිනොච්චි රෝහලේ ප‍්‍රතිකාර කටයුතු තවමත් සුපුරුදු ලෙස සිදුවන නමුත් මේ වන විට එහි රෝගීන් ප‍්‍රමාණය අතිරික්තයක් බවට පත් වී ඇත. විශේෂයෙන් වර්ෂාව නිසා අවතැන් ජනයාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් කිසිවක් නොලැබෙන අතර වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය සේවකයින් කිසිවෙකුට අවතැන් ජනයා සිටින ප‍්‍රදේශ කරා ළ`ගා වීමට නොහැකි වී ඇත. අවතැන් ජනයා මුහුණ පා ඇති තවත් ප‍්‍රබලම ගැටලූවක් වන්නේ සර්පයන් දෂ්ඨ කිරීමයි. පසුගිය දින දහය තුළ වැඩිහිටි පුද්ගලයන් හා දරුවන් දෙසීයකට වැඩි ප‍්‍රමාණයකට නාගයන් දෂ්ඨකර ඇති අතර කිහිපදෙනෙක් ප‍්‍රතිකාර නොමැතිව මියගොස් ඇත.
එසේම දැනට වන්නි ප‍්‍රදේශයේ කිසිඳු සන්නිවේදන පහසුකමක් නොමැති අතර එක්සත් ජාතීන් විසින් තම සන්නිවේදන කටයුතු කිරීම සඳහා පිහිට වූ සන්නිවේදන මධ්‍යස්ථානයක් පමණක් ඉතිරිව පවතී. මේ වනවිට අවතැන් ජනයාට සහන සැලසීම සඳහා වන්නි ප‍්‍රදේශයට ඇතුළු වීමට කිසඳූ පුද්ගලයෙකුට අවසර නොමැති වීමත්, ජනතාව මෙතරම් අසරණ තත්වයකට මුහුණ පා සිටියදීත් රජය එක්සත් ජාතීන් හා අනෙකුත් සහන සේවකයන් වන්නියෙන් ඉවත් කිරීම තුළින් ඔවුන් වඩාත් අසරණ හා හුදෙකලා බවට පත්ව ඇත. දැනට ඔඞ්ඩුසුඩාන් වල ඥතීන්ගේ නිවෙස්වල ඇතැම් පිරිස් ලැඟුම් ගෙන සිටී. කාමර දෙකක එවැනි කුඩා නිවසක් තුළ පුද්ගලයන් තිහක් හතලිහක් ජීවත් වෙති. එම කුඩා නිවාස දැන් පවතින වැස්සටද ඔරොත්තු නොදෙයි.
දැන් වන්නි ජනයා ආහාර හිඟයෙන්, සනීපාරක්ෂක ගැටලූවලින්, නවාතැන් ප‍්‍රශ්නයෙන්, පාරිසරික හේතුවලින් හා මරණ බියෙන් කම්පනයට පත්ව සිටිති. කුඩා දරුවන් මන්දපෝෂණ තත්වයට පත්ව සිටිති. අද වන විට ඔවුන්ට ජීවත් වීමට ආරක්ෂිත භූමියක් ලංකාවේ නැත.
රජය පසුගිය කාලයේ පැවසුවේ අවතැන් වන්නි ජනයාට රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණෙන ලෙසය. අප කළ විමසුම් අනුව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පැවසුවේ අවතැන් ජනයා පැමිණියහොත් ඔවුන් නැවැත්වීමට වව්නියාවේ ස්ථාන තුනක් රජය විසින් නම්කර තිබූ බවය. ඉන් ‘මැණික් ෆාම්’ යන ස්ථානය එලිපෙහෙළි කර ඒ සඳහා සූදානම් කර තිබූ නමුත් අනෙක් ස්ථාන දෙක එවැනි සූදානමක් කර නොතිබුණි. මැණික් ෆාම් නැමැති ස්ථානයේ නවාතැන් ගත හැක්කේ උපරිම වශයෙන් පුද්ගලයන් හාර දහසකට පමණක් වන නමුත් රජය නිවේදනය කළේ එහි හැට දහසකට ලැගුම් ගත හැකි බවය. යම් හෙයකින් වන්නියේ අවතැන් තුන් ලක්ෂ පහළොස් දහස වව්නියාවට ආවේ නම් වව්නියාවේ පදිංචි එක් ලක්ෂ අසු දෙදහසක ජනගහනය හා සමස්ත වව්නියාවම ප‍්‍රබල ගැටලූවකට ඇඳ වැටීමට නියමිතව තිබුණි. අනෙක දැනට ඔවුන් සිටින ප‍්‍රදේශයේ සිට වව්නියාවට හා මන්නාරමට ඒමට විශාල දුරක් පැමිණිය යුතු අතර කැළෑ මැදින් ඒ එන ගමන ඉතාමත් අවදානම්ය. සැබෑව නම් වන්නි ජනයා රජයේ පාලන ප‍්‍රදේශවලට නොඑන බව රජය කල් ඇතිවම දැන ගෙන සිටීමය. එය ඔවුන්ගේ දුර්වල පෙර සූදානමෙන්ම ඉතා පැහැදිලිය. එනිසා අද වන්නියේ සැබෑ තත්වය අනුව රජයට වන්නි දෙමළ ජනයා සුරක්ෂිත කර ගැනීමට සැබෑ උවමනාවක් ඇත්දැයි අපට ගැටලූවක් පවතී.
වන්නිය යනු අද රජයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇතිවාක් මෙන්ම ඉදිරි සති කිහිපය තුළ මෙම තත්වය වෙනස් නොවුනහොත් වන්නි ජනතාවගේ ජීවිතය යන්නද තීරණාත්මක සාධකයක් බවට පත්වනු ඇත.