‘ශීලාචාර සමාජයක ජීවත්වන මිනිස්සු එකිනෙකාට අවමන් නොකරති. ශිෂ්ඨ සම්පන්න සමාජයක ඇති ආයතන එහි ජීවත්වන මිනිසුන් අවමානයට පත් නොකරයි.’ යැයි ඊශ‍්‍රායල් ජාතික දාර්ශනිකයකු වූ අවිශායි මාර්ගලිත් සිය ‘ශීලාචාර සමාජය’ නම් කෘතියෙහි දක්වා ඇත. එවන් සමාජයක් අප රටේ ගොඩනඟා ගැනීම සඳහා අප තවදුරටත් සටන් කළ යුතුව ඇත. ‘කවර තත්ත්වයක් යටතේ වුවද අප එම සටන අත් නොහැරිය යුතුය. අප සංඛ්‍යාවෙන් ඉතා ටික දෙනෙකු වුවත් අපි එම සටන අත්නොහරින්නෙමු’ යැයි විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ප‍්‍රකාශ කළේය.
සරවනමුත්තු මහතා එසේ ප‍්‍රකාශ කළේ ‘සමබිම’ මාසික පුවත්පත සහ වෙබ් අඩවිය එළි දැක්වීම නිමිත්තෙන් මාර්තු 26දා කොළඹ නිදහස් මාවතේ ඔලිම්පික් හවුස්හි පැවති උත්සවයේදී ‘ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය සඳහා වූ පුළුල් ව්‍යාපාරයක් තුළ මානව හිමිකම්: අභියෝග සහ අවස්ථාවන් යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වමිනි.
ලංකාවේ මානව හිමිකම්වල වැදගත්කම ගැන කතා කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින අය තම රට තුළම සුළුතරයක් බවට පත්වී ඇත. වර්තමානයේ රට තුළ ක‍්‍රියාත්මක වන දෘෂ්ටිවාදය, බලාධිකාරය සහ ලෝක සම්මතය අනුව මානව හිමිකම් යනු යටත් පිරිසෙයින් ගත් කළ හිරිහැරයකි; උපරිම වශයෙන් ගත් කළ අපේ රටේ පුරවැසියන් අතුරින් බහුතරයක් විසින් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් තෝරා පත් කරගත් ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා ගෙන එන තර්ජනයකි.
අපේ රට පාලනයෙහිලා මානව හිමිකම්වල ඇති මූලික වැදගත්කම අප විසින් අවධාරණය කරනු ලබන මේ මොහොතෙහි අපගේ සහෝදර පුරවැසියන් අතරින් බහුතරයකට මානව හිමිකම් පිළිබඳව අමතක කිරීමට අවශ්‍යව ඇත්ද යන ප‍්‍රශ්නය මෙහිදී අප විසින් අපගෙන්ම විමසිය යුතුය. දැනට රටේ පවතින ජනප‍්‍රිය පිළිගැනීම හෙවත් ලෝක සම්මතයට අනුව කියැවෙන්නේ අප රටේ පුරවැසියන්ට අවශ්‍ය වන්නේ ත‍්‍රස්තවාදය, බෝම්බ පිපිරීම්, තුවාල ලත් පුද්ගලයන්, අතුරුදහන්වීම්, ජාතික ආරක්ෂක නීති යොදාගෙන කරනු ලබන රඳවා තබා ගැනීම් ඇතුළත් මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ අඳුරු අතීතය අමතක කොට ඉදිරි අනාගතය වෙත පිය නැගීම බවයි. ඉතිං අපි අපේ රට තුළම සුළුතරයක් බවට පත්ව ඇත.
‘සමබිම’ මාසික පුවත්පතක් ලෙස යළි උපදින මේ මොහොතේ අපට ඇති සැබෑ අභියෝගය වන්නේ ජාතික න්‍යාය පත‍්‍රයෙහි මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය රඳවා තබා ගන්නේ කෙසේද යන්නද? බරපතල ලෙස පිරිහී ඇති අප රටේ මානව හිමිකම් තත්ත්වය හේතුවෙන් අප අතරින් සමහරුන්ට තම එදිනෙදා ජීවිතය තුළ අත්විඳීමට සිදුව ඇති පීඩනය, ආතතිය සහ තැවුල් සිත බොහෝදෙනෙකුට තේරුම් ගැනීමට නොහැකිය. ඔවුන් එය දකින්නේ අපගේ පුද්ගලික ප‍්‍රශ්නයක් ලෙසය. පුද්ගලික පූර්ව අගතියක්, පුද්ගලික වේදනාවක් ලෙසය. අද අප මුහුණදෙන මේ වේදනාකාරී තත්ත්වය මතු කවදා හෝ තම තමන්ගේ ජීවිත කෙරෙහිද බලපෑමක් ඇති කරනු ඇතැයි අප රටේ පුරවැසියන් අතරින් බහුතරයක් කල්පනා නොකරති.
මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය මතකයෙන් මකා දැමීමට කැමති වන්නා වූ සහ ඉතා පහසුවෙන් එය අමතක කර ඇත්තාවූ මේ රටේ පුරවැසියන්ට මානව හිමිකම්හි වැදගත්කම පිළිබඳ නැවත අධ්‍යාපනයක් ලබාදීම සහ පුනර්ජීවනයක් ඇති කිරීම මේ රටේ මානව හිමිකම් පිළිබඳ කටයුතු කරන සහ ප‍්‍රජාවෙහි සමාජිකයන් වශයෙන් අප හමුවේ ඇති ප‍්‍රධානතම අභියෝගය වෙයි. අප අතරින් සමහරුන්ට මෙම ව්‍යායාමයෙහි යෙදීම ඉතාම දුෂ්කර භයානක අත්දැකීමක් වනු ඇත. නමුත් මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය ජාතික න්‍යාය පත‍්‍රයෙහි රඳවා ගැනීමත් සිවිල් සමාජය සඳහා වන අවකාශය විවෘතව තබා ගැනීමත් අත්‍යවශ්‍යය.
මානව හිමිකම් යනු අනවශ්‍ය සහ බාධාකාරී දෙයක්ය යන භීතියක් පැතිරෙමින් පවතී. මෙය අළුත් තත්ත්වයක් නොවේ. මින් පෙර අතීතයේදීද මෙවැනි ප‍්‍රවණතා පැවතී ඇත. මෙය පිටුපස ඇති ලෝක දෘෂ්ටිය නම් ලාංකිකයාගේ අනාගත සෞභාග්‍යය දෙසට වන මාවත වැටී ඇත්තේ අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් දෙස නැවත හැරී බැලීමෙන් නොව මානව හිමිකම් පිළිබඳ කිසිදු සලකා බැලීමකින් තොරව සිදු කරනු ලබන ආර්ථික සංවර්ධනය තුළින් බවයි. දේශපාලන සහ මානව හිමිකම් සළකනු ලබන්නේ සෞභාග්‍ය කරා යන ඒ යෝධ පා ගමන අවහිර කරන වැට කඩුළු මාර්ග බාධක ලෙසය. මෙවැනි තත්ත්වයක් 70 දශකයේ අභභාගයේ සහ 80 දශකයේදී ලංකාවේ පැවතුණි. ආර්ථික සංවර්ධනය හරහා සමෘද්ධිය වෙත යන ගමන අවහිර කරන වැට කඩුළු වශයෙන් සලකා ඒ සමයේදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පාගා පොඩි කර දමන ලදී.
අපට ලබාදෙනු ලබන පණිවිඩය වන්නේ නොසැලෙන අධිෂ්ඨානයෙන් එක හිත් හිතාගෙන ත‍්‍රස්තවාදය මර්දනය කරන ලද ආකාරයටම කිසිදු බාධාවකට යට නොවී බාධාවලට බාධා ගෙනදී ආර්ථික සංවර්ධන මාවතේ ලංකාව පෙරටම ගෙනයාමට ඔවුන් කටයුතු කරන බවයි.
ඒ අනුව ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථය විරුද්ධාභාසයක් හෙවත් පැරඩොක්සයකි. එම දේශපාලනයේ අරමුණ අප සියළුදෙනාම අදේශපාලනික කොට අප ඔවුන්ගේ කැරොල් කරත්තයට නංවාගෙන සංවර්ධන කේක් ගෙඩියෙන් කෑල්ල බැගින් කපාගෙන, බල්ලන් මරා හෝ සල්ලි හොයාගෙන, ඉන්න ටිකේ ජොලියේ ඉඳිමින් අනාගතය ගොඩනඟා ගැනීමට අපට පුරුදු කිරීමයි. එම ගමනේදී අනික් මිනිහාට මොනවා වුණත්, ඔහු (කළු ගඟට තල්ලූ කළත්) මොන වේදනා වින්දත් කමක් නැත. පොදු ජනයාගේ සංස්කෘතියට මොනවා වුණත් කමක් නැත. කෙටියෙන් කිව්වොත් බලයේ සිටින අයගේ චේතනාව හෝ අරමුණ වන්නේ අග්නි දිග ආසියාව හෝ නැගෙනහිර ආසියාව ගමන් ගත් දේශපාලන සංස්කෘතිය ඔස්සේ ශ‍්‍රී ලංකාව ගමන් කරවීමය. මෙහිදී දේශපාලනය හා මානව හිමිකම් යනු අදාළ නොවන්නා වූද අවාසිදායක වන්නා වූ දේ වශයෙන් හඳුනා ගැනේ. මන්ද යත් අවශ්‍ය වන්නේ සල්ලි සෙවීමත්, මිනිසුන්ගේ මූලික ද්‍රව්‍යමය අවශ්‍යතා පිරිමසාලීමත් පමණක් බැවිනි. අයිතිවාසිකම් සහ හිමිකම් පිළිබඳ සාකච්ඡාව හා විවාදය ස්ථාවර සහ ස්ථිරසාර ආර්ථික සමෘද්ධියක් කරා යන නිසැක ගමනට බැඳෙන වැට කඩුළු වන බැවිනි.
අප හැමදෙනාම දන්නා පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිරිසිදු නැත. එය දඩබ්බරය; ඝෝෂාකාරීය; පොළඹවන සුළුය; අනතුරු සහිතය; එය අප සියළුදෙනා විසින් එකම දෙයක් කළ යුතුය කියන දහමක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජනතාව එකිනෙකා අතර විවාද කර ගැනීම පිළිබඳය. එය අන් අයට හිරිහැර නොකරන තාක් දුරට තමන් කැමති මාර්ගයක ගමන් කිරීමට මිනිසුන්ට ඇති අයිතිය පිළිබඳවය. විනාශ වෙන්නට නියමිත ව ඇත්තේ අන්න ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි.
මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව විශ්වාස කරන අන්දමට බලය ලබා ගැනීමෙන් පසුව නව න්‍යාය පත‍්‍රයක් යටතේ සිදු වන්නට නියමිතව ඇත්තේ මෙයයි. මෙය අළුත් දෙයක් නොවේ. මීට පෙර අවස්ථාවලදීද මෙසේ සිදුවූ අතර මෙහි ප‍්‍රතිවිපාක අපි හොඳින් හඳුනමු. අවාසනාවකට මෙන් අපේ රට ඉදිරියට යන්නේ රිවර්ස් එකටය. අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමට අප සමත්ව ඇති බවත් පෙනෙන්නට නැත.
ඒ නිසා නැවතත් අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ අපේ සහෝදර පුරවැසියන්ට මානව හිමිකම්හි මූලික වැදගත්කම පෙන්වා දීමයි. එය මේ රටේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නයකි. අභියෝගය වන්නේ අපගේ සමාජයේ සිදුවෙමින් පවතින සහ සිදුවීමට නියමිත සියළු සිදුවීම් කෙරෙහි මානව හිමිකම් අදාළ වන බවට වන තර්කය ප‍්‍රති ඇසුරුම් ගතකොට ඉදිරිපත් කිරීමයි. ඕනෑම සාර්ථක සහ තිරසාර සංවර්ධන ව්‍යායාමක් සඳහා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් අත්‍යවශ්‍ය වන බව තහවුරු කළ යුතුය.