
මේ වගේම අපේ භාෂාවට ආපු වචනයක් තමයි ‘ටෙරරිසම්’ කියන වචනය. මේකෙත් සම්භවය ලතින් භාෂාවේන් , ඉන් පසු ඉංග‍්‍රීසියෙන් අප කරා ආවාම අපි කිව්වා ත‍්‍රස්තවාදය කියලා. (Terror - ත‍්‍රස්තය , ism - වාදය Terrorism - ත‍්‍රස්තවාදය) ‘බුෆේ ’ වගේම තමයි ; ත‍්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්නත් හරිම අමාරුයි. ත‍්‍රස්තවාදය අර්ථනිරූපණය කරන වාස්තවික ඩෙෆිනීෂන් එකක් හෙවත් නිර්වචනයක් නැහැ. දැන් එතකොට මේ ලිපිය කියවන අය මෙහෙම කියාවි. ‘‘ඇයි මෝඩ අනුකාරක ඇංකරයෝ, පොඩ්ඩක් වටපිට බලනවකෝ, අපේ රටට විතරක් නෙමෙයි, දුකට සැපට අපිට පිහිටවෙන පකිස්ථානයටත් ත‍්‍රස්තවාදය නිසා වෙච්ච විනාශය දිහා . ඉතින් තව මොකටද අර්ථ නිරූපණ ? ත‍්‍රස්තවාදය කියන්නේ ත‍්‍රස්තවාදය’’
නමුත් , කලබල නොවී බැලූවොත් ඔබට පෙනේවි ත‍්‍රස්තවාදය පිළිබඳ විෂයේ ප‍්‍රධාන කාරණය තමයි එයට අර්ථ නිරූපණයක් නැතිකම. ඒ නිසා ත‍්‍රස්තවාදය ගැන හරියට කතා කරන්න ගියොත් අපට වැඩිපුර කියන්න වෙන්නේ මරාගෙන මැරෙන බෝම්බයි, අහිංසක මිනිස්සු ප‍්‍රාණ ඇපයට ගැනීමයි පිළිබඳව නෙවෙයි භාෂාව සහ ලේබල් ඇලවීමේ බලය ගැනයි.
අපි ලේසි පැහැදිලි නිර්වචනයක් ගනිමු. ; උදාහරණයක් විදිහට, දේශපාලන පණිවිඩයක් සන්නිවේදනය කිරීම සඳහා හිතාමතාම හෝ සැලකිල්ලකින් තොරව සිවිල් ජනතාව මරා දැමීම හෝ තුවාල කිරීම නැත්නම් ඔවුන්ගේ දේපලවලට බරපතල හා

නමුත්, මේ ක‍්‍රමයම වෙනත් ශක්තිමත් සංවිධානයක් විසින් වුණත් ප‍්‍රචණ්ඩත්වය යොදන ක‍්‍රමයක් විදිහට යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට, අවශ්‍ය නම් වෙනත් මිලිටරි ක‍්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් ඇති ගරිල්ලා කණ්ඩායමක් , මේ ක‍්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. සිවිල් යුධ තත්ත්වයකදී කැරළිකාර කණ්ඩායමක් වෙනත් විකල්ප ක‍්‍රියාමාර්ග තිබියදී පවා මේ ක‍්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. අසාර්ථක රාජ්‍යයක සිටින බලයට කෑදර කල්ලි කණ්ඩායම් සියල්ලම වෙනත් මිලේච්ඡ උපක‍්‍රම රාශියක් අතරේ මේ ක‍්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට සෝමාලියාව සිහියට ගන්න.
ඒ වගේම මෙවැනි දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් රාජ්‍යයට අයත් හමුදා විසින් ද යොදා ගන්න පුළුවන්. 1985 දී ප‍්‍රංශය විසින් ග‍්‍රීන් පීස් සංවිධානයට අයත් රේන්බෝ වොරියර් නෞකාව ගිල්ලවීම, 1986 දී ඇමෙරිකාව විසින් ලිබියාවේ ටි‍්‍රපොලි නගරයට බෝම්බ දැමීම රාජ්‍යයක් විසින් එකලාව මෙම ක‍්‍රමය පාවිච්චි කළ අවස්ථාවලට උදාහරණයන් වෙනවා. ඒ වගේම දෙවන ලෝක යුද්ධය ආසන්න වෙන්න කිට්ටුව මිත‍්‍ර හමුදා විසින් ජර්මනියේ ඩේරස්ඩන් නගරයට බෝම්බ දැමීම,1945 දී ඇමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කිරීම ආදිය සන්නද්ධ ගැටුමක පසුබිම තුළ වෙනත් ප‍්‍රචණ්ඩත්වයන් ද යොදා ගන්නා අතරතුර සිදුකළ ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීමක් ලෙස දක්වන්න පුළුවනි.
ඒ අනූව ‘ත‍්‍රස්තවාදය’ යන්න එක විදියක දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් වශයෙන් අර්ථ

හරි, හරි මම පිළි ගත්තා; ත‍්‍රස්තවාදය කියන යෙදුම අපි අද පාවිච්චි කරන්නේ ඒ කියපු විදිහට ඒ කියන්නේ තවත් ‘දේශපාලන ප‍්‍රචණ්ඩත්වයක් ’ කියලා නෙවෙයි. පළමුවෙන්ම අපි ත‍්‍රස්තවාදය ‘ප‍්‍රචණ්ඩත්වය යොදා ගන්නා ක‍්‍රමවේදයක්’ විදිහට නෙවෙයි එක විදියක පුද්ගලයන් කණ්ඩායමක් ලෙසට, එක්තරා විදියක උපක‍්‍රමයක් විදියට නෙවෙයි. එක විදියක සටන්කාමිකයෙක් ලෙසට. යම් පුද්ගලයෙක් කරන ක‍්‍රියාවක් විදිහට නෙවෙයි. යම් විදිහක පුද්ගලයෙක් ලෙසට දකින්න පුරුදු වෙලා තියෙනවා.
ඒ නිසා දැන් තියෙනවා ත‍්‍රස්ත සංවිධාන, ත‍්‍රස්ත කණ්ඩායම් , ත‍්‍රස්ත නායකයෝ. ඕං ඔය විදියට. මේ ලේබල් ඇලවිල්ල සඳහා කිසියම් කෙනෙක් කිසියම් නිශ්චිත ක‍්‍රියාවන් කළ බවට සාක්ෂි අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ කතිකාවේ සංගතභාවය ආරක්ෂා කර ගන්න. කිසියම් කණ්ඩායමක් ‘ත‍්‍රස්තවාදීන්’ වශයෙන් නම් කරලා ලැයිස්තුගත කළාට පස්සේ ඔවුන් ඉතින් ඕනෑම කාරණාවකදී ‘ත‍්‍රස්තවාදීන්’ තමයි. ලේබලය ගහන්න ඔවුන් කිසියම් නිශ්චිත ත‍්‍රස්ත ක‍්‍රියාවක් සිදුකිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

දෙවනුව, ඉහතින් මම ත‍්‍රස්තවාදය යන වචනයට දුන් මුලික තේරුමට වඩා ඉතාම පුළුල් නිර්වචනයක් තමයි ත‍්‍රස්තවාදය පිළිබඳ නීතිමය අර්ථ නිරූපණය තුළ තියෙන්නේ. බොහොමයක් නීති ක‍්‍රම තුළ ත‍්‍රස්තවාදය කියන අදහස ‘සිවිල් ජනයාට ප‍්‍රහාර එල්ල කිරීම‘ යන්නට එහා ගිහින් දේපළවලට විරුද්ධ ප‍්‍රචණ්ඩත්වය සහ රටේ යටිතල පහසුකම්වලට එල්ල වන ප‍්‍රහාර ද ඇතුළත් කළ හැකි පරිදි පුළුල් වෙලා. සමහර නීති ත‍්‍රම යටතේ බරපතළ ආකාරයේ සිවිල් නීති කඩ කිරීමේ ක‍්‍රියාමාර්ග පවා ’ත‍්‍රස්තවාදය’ කියන නාමකරණයට ඇතුළත් කළ හැකියි.
Back to Home
No comments:
Post a Comment