පරමාධිපත්‍යය

පළමුව අපි පරමාධිපත්‍යය යන සංකල්පය වටහා ගනිමු. නූතන ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍යයන් හි පරමාධිපත්‍යය ජනතාව සතු බව පිළිගැනෙනවා. මේ තත්ත්වය ආරම්භ වුයේ 1789 ප‍්‍රංශ විප්ලවයෙන් පසුවයි. එතෙක් දෙවියන්ගෙන් වරම් ලැබු රජු සතුව පැවති පරමාධිපත්‍යය බලය ඉන් පසු ජනතාව සතු වුණා. ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි 03 වන ව්‍යවස්ථාව ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතු බවත්, එම පරමාධිපත්‍යය බලය අත්හැරිය නොහැකි බවත් සඳහන් කරනවා. පරමාධිපත්‍යයට ආණ්ඩු පාලන බලතල, සර්වජන ඡන්ද බලය සහ මුලික අයිතිවාසිකම් ඇතුළත්
වෙනවා.
මුලික අයිතිවාසිකම් පිළිබඳ රජයේ වගකීම
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති මුලික අයිතිවාසිකම්, රජයේ සියළු ආයතන විසින් ගරු කළ යුතු බවත්, ආරක්ෂා කළ යුතු බවත්, වැඩිදියුණු කළ යුතු බවත්, ව්‍යවස්ථාවේ 4 (ඈ) ව්‍යවස්ථාවෙන් දැක්වෙනවා.
උල්ලංඝණය වීමකදී ගතහැකි පියවර
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මුලික අයිතිවාසිකමක් විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් ලෙසින් උල්ලංඝණයට ලක් වු හෝ උල්ලංඝණයට අත්‍යාසන්න වු අවස්ථාවකදී ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට සෑම පුද්ගලයෙකුටම හිම්කම් ඇති බව 17 වැනි ව්‍යවස්ථාව දක්වනවා.
126 වන ව්‍යවස්ථාව මගින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කෙරෙනවා. ඒ අනුව විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් මගින් මුලික අයිතිවාසිකමක් (හෝ භාෂා අයිතිවාසිකමක් ) උල්ලංඝණය වීම සම්බන්ධ ඕනෑම ප‍්‍රශ්ණයක් පිළිබඳ විභාග කොට තීරණය කිරීමේ සම්පුර්ණ සහ අනන්‍යනය අධිකරණ

කිසියම් විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් මගින් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ යේ යැයි හෝ උල්ලංඝණය වීමට ආසන්නව ඇතැයි අදහස් කරන පුද්ගලයෙකු එම සිදුවීමෙන් මාසයක කාලයක් ඇතුලත, තමන් විසින් හෝ තම නීතිඥයා මගින් හෝ අදාළ උල්ලංඝණය වෙනුවෙන් සහනයක් හෝ ප‍්‍රතිකර්මයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය.
මේ අනුව පැහැදිලි වන්නේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණයක් වීමක් සම්බන්ධව ක‍්‍රියා කිරීමට බලය ඇති ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය බවයි.
අයිතිවාසිකමක් උල්ලංඝණය වීමක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමෙන් රජයේ බලතල සහ පුද්ගලයාගේ අයිතිවාසිකම් පිළිබඳ සීමාව සලකුණු කොට ඒ පුද්ගලයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉඩ ප‍්‍රස්තාව සැලසෙනවා. මෙයට අමතරව මේ එක් එක් නඩු තීන්දුව මඟින් මුලික අයිතිවාසිකම් අර්ථකතනයට ලක්වීමෙන්, අයිතිවාසිකම් වල විෂය පථය පුළුල් වීමක් ද සිදු වෙනවා.
වරප‍්‍රසාද අඩු අය වෙනුවෙන්
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් ප‍්‍රතිපාදන පිළිබඳව ඇති වු එක් විවේචනයක් නම් එය ”තරු පහේ හෝටලයකට ගොස් ආහාර ගැනීමට ඇති අයිතිවාසිකම” වැන්නක් බවයි. තරු පහේ හෝටලයකින් ආහාර ගැනීමට සෛද්ධාන්තික ව බැලූවහොත් ඕනෑම පුද්ගලයෙකුටම අයිතිවාසිකමක් තිබෙනවා. නමුත්, මෙතනදී අමතක කරන සාධක දෙකක් තිබෙනවා.
එකක් ආර්ථීක සාධකය. අනෙක සංස්කෘතික සාධකය. එවැනි හෝටලයකින් ආහාර ගැනීමට නම් ප‍්‍රමාණවත් ආර්ථික මට්ටමක් මෙන්ම අදාළ චාරිත‍්‍රවාරිත‍්‍ර පිළිබඳ පුරුද්දකුත් තිබිය යුතුය.
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට මේ සාධක අදාළ වෙනවා. මෙම නඩු පැවරීම කළ හැක්කේ කොළඹදී පමණක් වීමත්, මාසයක කාලයක් තුළ එය සිදුකළ යුතු වීමත්, ප‍්‍රවීණතාවයක් සහ පරිචයක් ඇති නීතිඥයකුගේ සහය ලබා ගැනීමට අවශ්‍ය වීමත් යන හේතු සාධක නිසා ප‍්‍රමාණවත් මුදලක් මේ සඳහා යොදවන්න සිදුවෙනවා. අනෙක් අතට, තමා පැමිණිලි කරන්නේ විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් හේතුවෙන් සිදු වු අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට එරෙහිව බැවින්, එකී විධායක පරිපාලන නිලධරයන් වෙතින් තමන්ට පසුව හිරිහැරයක් වෙතියි යන සැකය නිසා මේ පිළිබඳව ඉදිරිපත් වීමට කෙනෙකු තුළ පැකිළීමක් ඇති වීමට පුළුවන්.
එම නිසා මෙම සාධක දෙක මගින් සමාජයේ අඩු වරප‍්‍රසාද ලත් අයට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ඇතිවන බාධාව ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.
කෙළින්ම අගවිනිසුරුතුමාට පැමිණිලි කිරීම
සමාජයේ අඩු වරප‍්‍රසාදලාභීන් වෙනුවෙන් නොමිලේ, එසේත් නැත්නම් නාමික මුදලකට නීති ආධාර ලබාදෙන නීති ආධාර සේවාවන් ගණනාවක් ක‍්‍රියාත්මක වෙනවා. මෙයට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම
මානව හිමිකම් කොමිසම පිහිටුවීම, මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සඳහා ප‍්‍රතිකර්ම ලබා ගැනීමේ අවස්ථාව තව දුරටත් පුළුල්වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මානව හිමිකම් කොමිසම් සභා පනත අනුව, මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී අවුරුද්දක කාලසීමාවක් තුළ දී ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පුද්ගලයන්ට අවස්ථාව ලැබෙනවා.
විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් හේතුවෙන් සිදුවන මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධව සමගි කිරීමට, සමථ කිරීමට හෝ විමර්ශනයක් පවත්වා නිර්දේශයක් නිකුත් කිරීමට මානව හිමිකම් කොමිසමට බලය තියෙනවා.
පුරවැසි වගකීම
මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් පිළිබඳව ක‍්‍රියාත්මක වීමට මෙවැනි ආකාරයේ ප‍්‍රතිපාදන තිබුණත්, සමාජයේ විශාල පිරිසක් තවමත් මුලික අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයක් නැතිව ජීවත් වෙනවා. මේ පිළිබඳව ඒ පිරිස් දැනුවත් කිරීම ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අත්‍යාවශ්‍යයි. ඒ සඳහා මානව අයිතිවාසිකම් අධ්‍යාපනය වැදගත් වෙනවා.
එමෙන් ම මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ලක්වුවන් ආරක්ෂා කිරීමට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් සංවිධාන ව්‍යුහයක් ගොඩනඟා ගැනීම අවශ්‍යයි. එම සංවිධාන ව්‍යුහයට ප‍්‍රදේශයේ සිටින බලපෑමක් සහිත පුරවැසියන්ගේ දායකත්වය ලබා ගැනීම ඒවායේ සාර්ථකත්වය කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කරනවා. අඩු වරප‍්‍රසාදලාභී ජන කොටස් වෙනුවෙන් සහ සමාජීය වශයෙන් වැදගත් වන පොදු කරුණුවලට අදාළව මුලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කිරීම සහ නීති අධාර සේවාවක්ද ගොඩනඟා ගැනීම අවශ්‍ය වෙනවා.
මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉහත කී ආකාරයේ කටයුතුවල නියැලෙන පුරවැසි සංවිධාන ජාලයක් ගොඩනැඟීම අත්‍යවශ්‍යයි.
අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ දෙන ලද සමාජයක මානව අයිතිවාසිකම් උල්ලංඝනය වැළැක්වීමට නම් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන ශක්තිමත් යාන්ත‍්‍රණයක් පැවතීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවයි. ඒ සඳහා මහජන මතය ගොඩනැඟීම හෙවත් මානව අයිතිවා

අනෙක් අතට මානව අයිතිවාසිකම් ආරක්ෂක යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක නොවේ නම්, එම සමාජය තුළ මානව අයිතිවාසිකම් ගරු කිරීමේ, සම්ප‍්‍රදායක් ගොඩනැඟීම ද කළ නොහැකිය.
එම නිසා මෙම දෙයාකාර වු ප‍්‍රවේශයන් පිළිබඳ දැනුවත්වීමටත් සංවිධානයවීමට සහ ක‍්‍රියාත්මක කිරීමටත් පසු විපරම් කිරීමටත් ඔබට වගකීමක් තියෙනවා.
සුදර්ශන ගුණවර්ධනගේ
Let Us Fight For Rights Now(2005)
පොතෙන් උපුටා ගැනුණි.
back to home
Back to Home
1 comment:
බොහොම ස්තුතියි. තවත් පල කරන්න.
Post a Comment