
අනුනායක
මන්නාරම් පදවිය
සාකච්ඡා කළේ - තාරා ශ‍්‍රී රාම්
වර්තමානයේ රජයේ යුද මෙහෙයුම් දරුණු වෙත්ම මන්නාරමේ ජන ජීවිතයට එය බලපා තියෙන්නේ කොහොමද?
වර්තමාන රජයේ යුද මෙහෙයුම් තත්ත්වය මන්නාරමේ ජනතාවගේ ගමනාගමනය ඇතුළු සෑම කටයුත්තකටම බලපාලා තියෙනවා. ජංගම දුරකතන පාවිච්චිය වගේ සන්නිවේදන මාර්ග සීමා කරලා. ගොඩනැගිලි ද්‍රව්‍ය ගොඩක් සීමා කරලා. ඊට අමතරව තියෙන වැදගත්ම ප‍්‍රශ්නය මෙහි ජනතාව මානසිකව ගොඩක් පීඩාවට පත්වෙලා ඉන්නේ. ඊට හේතුව ඔවුන්ගේ ඥතීන්, හිතවතුන් විශාල ප‍්‍රමාණයක් වන්නි ඇතුළු ව විවිධ ප‍්‍රදේශවල අවතැන් වෙලා ඉන්නවා. ඒ අයගේ සුව දුක් දැනගන්න විදිහක් නැහැ. මෙම යුද මෙහෙයුම් තත්ත්වය නිසා මේ පැත්තේ ජනතාව ගොඩාක් වේදනාවට පත්වෙලා ඉන්නේ.
අද මන්නාරමේ සාමාන්‍ය ජන ජිවිතය ගෙවෙන්නේ කොහොමද?
සාමාන්‍ය ජීවිතය ගැන කියනවා නම් මිනිස්සු වැඩට යනවා, පල්ලි යනවා, කෝවිල් යනවා. ඒ දේවල් පිටස්තරින් වුණාට ඇතුලාන්තයෙන් ලොකු බියක් තියෙනවා. මොකක්ද අපිට වෙන්නේ කියන එක ගැන. වන්නි ප‍්‍රදේශයේ කෙරෙන දේවල් ගැන ඔවුන්ට දැන ගන්න විදිහක් නැහැ. ඒ තුළම ඔවුන්ගේ හිත ඇතුළේ ලොකු බියක් හා චකිතයක් තියෙනවා.
මන්නරමේ ජනතාවගේ මානව හිමිකම් තත්වය ගැන කිවුවොත්....
උදාහරණයක් විදිහට මම මන්නාරම, වවුනියාව වගේ ප‍්‍රදේශ එක්ක සන්සන්දනය කරන්නේ යන්නේ නැහැ. ඒත් සාමාන්‍යයෙන් මන්නාරමේ ඉස්සරට වඩා සුබවාදී වෙනස්කමක් දකින්න ලැබෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ ප‍්‍රශ්නයක් නැහැ කියන එක. අතුරුදහන් වීම් වගේ දේවල් තියෙනවා. ඒක බරපතල ප‍්‍රශ්නයක්. මරා දැමීම් වැනි දේවල් ජූනි මාසේ ඉඳන් අපිට වාර්තා වෙලා නැහැ. අත් අඩංගුවට ගැනීම් සිදු වෙන්නෙත් නැහැ වගේ පේන්නේ. ඒකට හේතුව කෙලින්ම සිද්ධ වෙන්නේ අතුරුදහන් කිරීම්.
මන්නාරමේ කලිමුන්ඩායි හා සිරුක්කුන්ඩාල් අවතැන් කඳවුරුවල වර්තමාන තත්ත්වය මොකක්ද?
මානුෂික පදනමින් බලන කොට මේක මහා අපරාධයක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒ මිනිස්සුන්ට අවස්ථාව තියෙන්න ඕන තමන් කැමති තැනකට ගිහිල්ලා වාසය කරන්න. නමුත් ආරක්ෂක අංශ කියන්නේ මේ කඳවුරුවල ජාතික ආරක්ෂාවට හානිදායක ක‍්‍රියාවල නිරත වෙන අය ඉන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන්ව එහෙම තියාගන්න අවශ්‍යයි කියන එක. ඒකට අපේ ස්ථාවරය තමයි එවැනි අය ඉන්නවනම් ඔවුන්ව නිවැරදිව තෝරගෙන ඒ අය වෙනුවෙන් පුනුරුත්ථාපනය වගේ සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්න කියන එක. පොදුවේ අරන් හැමදෙනාම මෙහෙම තබා

මඩු දේවස්ථානයේ වත්මන් තත්ත්වය ගැන කිවුවොත්...
මඩු දේවස්ථානය දැනට දැඩි ආරක්ෂක රැකවරණයකින් යුක්තවයි රජය පවත්වා ගෙන යන්නේ. දේවස්ථානය බාර පියතුමා ඇතුළු එකොළොස් දෙනෙක් විතරයි දැනටඑහි ඉන්නේ. ඊට අමතරව කෙනෙක් යනවා නම් දීර්ඝ කාලයකට කලින් දැනුම් දීලා අවසර අරන් තමයි යන්න වෙලා තියෙන්නේ. එතන පූජ්‍ය ස්ථානයක් වුනාට ජනතාවට ගිහිල්ලා වන්දනාමාන කරන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ඒක ප‍්‍රශ්ණයක් විදිහටයි අපි දකින්නේ. ආරක්ෂක තත්ත්වය නිසා අපට කරන්න වෙලා තියෙන කැප කිරීමක් මේක.
දෙමළ ජනතාවට එරෙහිව ක‍්‍රියාත්මක වන මේ හිංසනය ගැන ඔබගේ අදහස මොකක්ද?
අපේ ස්ථාවරය වැරදි කරන අය ඉන්නවානම් ඒගොල්ලන්ට එරෙහිව නීතියට අනුව දඬුවම් කළ යුතුයි කියන එක. ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ එහෙම වැරදි කරන අයට දඬුවම් කරන්න උසාවි ක‍්‍රමයක් තියෙනවා. නමුත් පොදුවේ ප‍්‍රජාවකට හිංසනයක් කරන එක අපිට පිළිගන්න අමාරුයි. එතකොට වෙන්නේ ජාතීන් අතර වෛරය තවත් වැඩි වෙන එක. ඒනිසා පොදුවේ කරන මේ හිංසනය නවත්වන්න ඕන. ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් නම් සිංහල, දෙමළ ඕන කෙනෙකුට මානව ගරුත්වයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන.
වත්මන් රජයෙන් ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කරන බවක් පෙනෙන්න නැහැ. එම නිසා එයට ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යයි කියලා හිතනවාද?
ඔව්. මං හිතන්නේ ඒක අන්තර්ජාතික වශයෙන් අපට කරන උදව්වක්. මැදිහත්වීමක් නෙවෙයි. අ

වාර්ගික ගැටළුවට දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියලා හිතනවාද?
අනිවාර්‍යයෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍යයි. මට ස්ථීර වශයෙන්ම එය මොන වගේ විසඳුමක් වෙන්න ඕනද කියලා කියන්න අමාරුයි. ඒ වුනාට අපි දන්නවා තමන්ගේ රටේ දේශපාලන අර්බුදවලට විවිධාකාර ක‍්‍රම මඟින් විසඳුම් සොයපු ලෝකයේ විවිධ රටවල් තියෙනවා. අපිට පුළුවන් ඒ විවිධ ක‍්‍රම ගැන අධ්‍යයනය කරලා ලංකාවට ගැලපෙන එකක් සොයාගන්න. මොකද විවිධ පාර්ශ්වයන්ට හුඟක් දේවල් පරිත්‍යාග කරන්න සිද්ධවෙලා තියෙනවා මේ දිගු කාලීන යුද්ධය වෙනුවෙන්. එම නිසා අපිට අනිවාර්‍යයෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍යයි.
Back to Home
No comments:
Post a Comment