පසුගිය දිනෙක වවුනියාවේ සහ මන්නාරමේ සංචාරයක යෙදුනු අප එම ප‍්‍රදේශවල සාමාන්‍ය වැසියන්, සහන සේවකයන්, පූජකවරුන්, මානව හිමිකම් ආරක්ෂකයින් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් හමුවුණෙමු. එහිදී ඔවුන් හා අප කළ සාකච්ඡාවන් ඇසුරෙන් මෙම ලිපිය සකස්වේ.
රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කල වවුනියාවේ අද ඇත්ත පාලනය සිදුවන්නේ පැරා මිලිටරි කණ්ඩායම් කීපයක් විසිනි. ඊ.පී.ඞී.පී, ප්ලොට්, ටෙලෝ, ඊරෝස් යන කණ්ඩායම් වලට අමතරව කරුණාගේ හා පිල්ලේයාන්ගේ කණ්ඩායම්ද, එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද ඇතුළු කණ්ඩායම් දහසයක් පමණ ප‍්‍රසිද්ධියේ සහ අප‍්‍රසිද්ධියේ සැරිසරමින් වවුනියාව ආක‍්‍රමණය කර සිටිති. ආයුධ සන්නද්ධව සිවිල් ජනයාගෙන් ලක්ෂ ගණන් කප්පම් ගෙන කාර්යාල පවත්වා ගෙන යන මොවුන් විසින් අද වවුනියාවේ ජනතාව තුළ ඇති කර ඇති භීතිය කිසිසේත් සුළු පටු නොවේ. විශේෂයෙන්ම අතුරුදහන්වීම්, ඝාතනය කිරීම්, පැහැරගෙන යාම්, කප්පම්ගැනීම් අතින් වවුනියාව අද සිටින්නේ ඉහළම තැනකය.
වෙළෙඳසැලේ, පන්සලේ, පල්ලියේ, කෝවිලේ, මඟතොට, නිවසේ සහ ඕනෑම තැනකදී පුද්ගලයෙකුට පිස්තෝලයක් පෙන්වා ලක්ෂ 5-6 ක කප්පමක් ඉල්ලීමත්, මරණ තර්ජන කිරීමත්, මරා දැමීමත් වවුනියාවේ සාමාන්‍ය තත්ත්වයකි. වවුනියාවේ ව්‍යාපාරිකයන් අප හා පැවසුවේ පසුගිය සටන් විරාමය කාලයේ තමන් ඉතා සාර්ථක ලෙස ව්‍යාපාරික කටයුතු කළ බවත්, එදා තිබු ව්‍යාපාරික ස්ථානවලින් අද ඇත්තේ භාගයකටත් අඩු ප‍්‍රමාණයක් බවත්ය. ඊට ප‍්‍රධානතම හේතුව එක් දුරකථන ඇමතුමකින් ලක්ෂ ගණනින් කප්පම් ගෙවීමට සිදුවීම නිසා ව්‍යාපාරිකයෝ වෙළෙඳාම අතහැර දැමීමය. කප්පම් නොගෙවන්නේ නම් තෝරාගත හැකි අනෙක් විකල්පය නාඳුනන තුවක්කුකරුවෙකුගෙන් හිමිවන මරණයයි. සටන් විරාම සමයේ වවුනියාවේ තිබු රථවාහන වලින් අද ඇත්තේ ඉතාමත් සුළු ප‍්‍රමාණයක් බවත් සන්නද්ධ කණ්ඩායම්වල බලපෑම නිසා බොහෝ හිමිකරුවන් තම වාහන විකුණා දැමු බව එක් රියදුරෙක් අප සමඟ කී වේය.
දැනට ගොඩබිම හරහා වවුනියාව හෝ මන්නාරම් යන ඕනෑම අයෙක් මැදවච්චිය මුරපොළ පසුකර යායුතුය. එහිදී විශේෂයෙන්ම දෙමළ ජාතිකයින්ට බල පැවැත්වෙන නීති රීති මුරපොළේ රාජකාරී කරන නිලධාරීන්ගේ අභිමතය පරිදි කලින් කලට වෙනස් වීම අප දුටු සාමාන්‍ය තත්වයකි. බොහෝ කලකට පසු වවුනියාවේ පදිංචි තම දරුවන් දැකීමට කොළඹ සිට වවුනියාව බලා යාමට පැමිණි දෙමළ ජාතිකයෙකු මැදවච්චිය හමුදා මුරපොළේදී යළි හරවා යවන අයුරුත් ආපසු යා නොහැකි එම පියා දැඩි අසරණ භාවයට පත්ව සිටින අයුරුත් පසුගියදා යෙදුණු සංචාරයේදී අප දුටු වඩාත් සංවේදී සිදුවීමකි. මුරපොළ භාර ඉහළ නිලධාරීන්ගේ හිත සැනසෙන, සාධාරණ කාරණයක් වවුනියාව බලා යාමට හේතුවක් ලෙස ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එම දෙමළ ජාතිකයාට තම දරුවන් දැකීම හීනයක් බවට පත් විය.
වවුනියාවේ හෝ මන්නාරමේ සිට කොළඹ ඒමේදීද මඟීන් වෙත ඒ සම්බන්ධ ඔප්පු කළ හැකි ලිඛිත ලියවිල්ලක් තිබිය යුතුය. එනම් කොළඹින් එවන ලද ආරාධනාවක් හෝ ඒ හා සමාන කැඳවීමක් සහිත ලියවිල්ලකි. එවැන්නක් ඇති විට වවුනියාවේ හෝ මන්නාරමේ තමා සිටින ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවක සහ පොලීසිය මඟින් ලියාපදිංචි වූ පසු ලබාදෙන අවසර පත‍්‍රය රැගෙන කොළඹ යා යුතුය. එම අවසර පත‍්‍රය දින කිහිපයකට වලංගුය. වැඩි දුරටත් අප කළ විමසීම් වලදී හෙළිදරව් වූයේ එවැනි අවසර පත‍්‍රයක් නොමැතිවීම නිසා වීසා බලපත‍්‍ර කාලය අවසන් වී කැනඩාව බලා යාමට මැදවච්චිය මුරපොළට පැමිණි කැනඩාවේ පදිංචි දෙමළ ජාතික කාන්තාවක්ද ඉකුත් දිනෙක නිලධාරීන්ගේ අභිමතය පරිදි යළි හරවා යැවූ බවය. අපට එවැනි අබග්ගයකට මුහුණ දීමට සිදු නොවුණෙන් වවුනියා හා මන්නාරම් ගමන අතරමඟ නතර කර දමා හැරී ඒමට සිදු නොවීය.
වවුනියාවේ දහවල් කාලයේ සියලූම ජංගම දුරකථන සංඥ ක‍්‍රියාවිරහිත කරන අතර පැය කිහිපයකට පමණක් සවස 6.30 ට නැවත සම්බන්ධතාව ලබා දේ. නමුත් අදාළ පෞද්ගලික දුරකථන සමාගම්වලට පාරිභෝගිකයන් විසින් ගෙවිය යුතු මාසික ගාස්තුවල කිසිදු අඩුවක් නැති අතර බිල්පත් පෙර පරිදිම පාරිභෝගිකයන් වෙත ලැබේ. මෙම සන්නිවේදන අපහසුව නිසා බොහෝ ව්‍යාපාරික කටයුතු හා දෛනික කටයුතු ඇණහිට ඇත. මේ වන විට රජය වවුනියාවට හා මන්නාරමට යා හැකි ප‍්‍රවාහන පහසුකම් ඍජු හා අනියම් ආකාරයෙන් සීමා කර ඇති අතර දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නතර කිරීමත්, කිසිදු මඟී හෝ භාණ්ඩ රැගත් වාහනයකට මැදවච්චිය මුර පොළෙන් එහාට යාමට ඉඩ නොදීමත් ඊට හොඳම සාධකයකි. යුද්ධය දරුණු ලෙස පැවති කාලයට වඩා අද වවුනියාවේ සිවිල් ජනයා ජීවත් වන්නේ දැඩි බියකිනි. සවස හය-හත වන විට ඇඳිරි නීතිය නොවුවද වැසියන් ඇඳිරි වැටෙන විටම ගෙවල් තුළට වැදී දොරවල් වසා ගැනීමට පුරුදුව සිටිති. යළි පසුදා පහන් වනතුරු අසල්වැසි ගෙදරකින් ඇසෙන මර ලතෝනියකටවත් ඔවුන් නිවෙස් වලින් පිටතට නොපැමිණෙති. ආරක්ෂක හේතූන් මත සවස 6.00 ට පසු වවුනියාවේ මාර්ගයන්හි ගමන් ගන්නා සෑම වාහනයක්ම ඇතුළත ආලෝක පද්ධති ක‍්‍රියාත්මක කරගෙන යා යුතුය. නමුත් ආරක්ෂාව පිළිබඳ එතරම් වද වෙන වවුනියාවේ පසුගිය වසර 1 1/2 තුළ ආයුධ සන්නද්ධ පැරා මිලිටරි කණ්ඩායම් පැටව් ගසා ඇත. මීටර් 50 න් 50 ට ආරක්ෂක මුර කපොලූ තිබුනද කප්පම් ගැනීම් සහ තැන තැන සිදුවන අභිරහස් ඝාතන අඩු වී නැත. අප ගොඩවැදුණු වවුනියාවේ සුපිරි වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුවක් කිහිප තැනකින් සිදුරු කරගෙන ගොස් තිබුනේ නිදැල්ලේ සැරිසරන එවැනි තුවක්කුකරුවන්ගේ වෙඩි පහර වලිනි. මෙනිසා ඇඳිරි වැටෙන විටම සියලූ වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙන්ඳන් පුරුදු වී සිටිති. වවුනියාවේ ගතකල කාලය තුළ අප එහි සෑම සිවිල් වැසියෙකු තුළම දුටුවේ බිය හා අවිනිශ්චිතභාවයයි. එය කිසිසේත් යුද්ධය නිසා ඇති වූ බියක් නොවීය. මෙම මිනිසුන් භීතියටත්, අසරණභාවයටත් පත් කර ඇත්තේ වවුනියාවේ ක‍්‍රියාත්මක වන පැරා මිලිටරි කණ්ඩායම්වලින් එල්ල වී ඇති ජීවිත තර්ජනයන් හා හමුදාව, පොලීසිය විසින් සිදු කරන ක‍්‍රියා කලාපයන්ය.
රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කල වවුනියාවේ අද ඇත්ත පාලනය සිදුවන්නේ පැරා මිලිටරි කණ්ඩායම් කීපයක් විසිනි. ඊ.පී.ඞී.පී, ප්ලොට්, ටෙලෝ, ඊරෝස් යන කණ්ඩායම් වලට අමතරව කරුණාගේ හා පිල්ලේයාන්ගේ කණ්ඩායම්ද, එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද ඇතුළු කණ්ඩායම් දහසයක් පමණ ප‍්‍රසිද්ධියේ සහ අප‍්‍රසිද්ධියේ සැරිසරමින් වවුනියාව ආක‍්‍රමණය කර සිටිති. ආයුධ සන්නද්ධව සිවිල් ජනයාගෙන් ලක්ෂ ගණන් කප්පම් ගෙන කාර්යාල පවත්වා ගෙන යන මොවුන් විසින් අද වවුනියාවේ ජනතාව තුළ ඇති කර ඇති භීතිය කිසිසේත් සුළු පටු නොවේ. විශේෂයෙන්ම අතුරුදහන්වීම්, ඝාතනය කිරීම්, පැහැරගෙන යාම්, කප්පම්ගැනීම් අතින් වවුනියාව අද සිටින්නේ ඉහළම තැනකය.
වෙළෙඳසැලේ, පන්සලේ, පල්ලියේ, කෝවිලේ, මඟතොට, නිවසේ සහ ඕනෑම තැනකදී පුද්ගලයෙකුට පිස්තෝලයක් පෙන්වා ලක්ෂ 5-6 ක කප්පමක් ඉල්ලීමත්, මරණ තර්ජන කිරීමත්, මරා දැමීමත් වවුනියාවේ සාමාන්‍ය තත්ත්වයකි. වවුනියාවේ ව්‍යාපාරිකයන් අප හා පැවසුවේ පසුගිය සටන් විරාමය කාලයේ තමන් ඉතා සාර්ථක ලෙස ව්‍යාපාරික කටයුතු කළ බවත්, එදා තිබු ව්‍යාපාරික ස්ථානවලින් අද ඇත්තේ භාගයකටත් අඩු ප‍්‍රමාණයක් බවත්ය. ඊට ප‍්‍රධානතම හේතුව එක් දුරකථන ඇමතුමකින් ලක්ෂ ගණනින් කප්පම් ගෙවීමට සිදුවීම නිසා ව්‍යාපාරිකයෝ වෙළෙඳාම අතහැර දැමීමය. කප්පම් නොගෙවන්නේ නම් තෝරාගත හැකි අනෙක් විකල්පය නාඳුනන තුවක්කුකරුවෙකුගෙන් හිමිවන මරණයයි. සටන් විරාම සමයේ වවුනියාවේ තිබු රථවාහන වලින් අද ඇත්තේ ඉතාමත් සුළු ප‍්‍රමාණයක් බවත් සන්නද්ධ කණ්ඩායම්වල බලපෑම නිසා බොහෝ හිමිකරුවන් තම වාහන විකුණා දැමු බව එක් රියදුරෙක් අප සමඟ කී වේය.
අවම වශයෙන් වවුනියාවේ මසකට ඝාතන දෙකක්වත් සිදුවන අතර සුදු වෑන් මඟින් සිදුකෙරෙන පැහැර ගැනීම් හතරක් හෝ පහක් වාර්තා වේ. මේ ඇතැම් ඝාතන සිදුකරන පිරිස් කවුරුන්ද යන්න රහසක් නොවන අතර අත් අඩංගුවට නොගෙන ඔවුන්ට රිසිසේ සිය කටයුතු කර ගැනීම සඳහා ආරක්ෂක අංශ වලින්ද බාධාවක් ඇති බව නොපෙනේ. නමුත් නිරන්තරයෙන් සිවිල් වැසියන්ගේ දෛනික කටයුතු අවුල් කරමින් ඔවුන් එක් ස්ථානයකට ගාල් කොට (round up)සෝදිසි කර අත් අඩංගුවට ගැනීම නම් අකුරට සිදුවේ. වවුනියාවෙ සිටින බහුතරය දෙමළ හා මුස්ලිම් ජාතිකයන් වන අතර පොලීසියේ සිටින බහුතරය සිංහලය. දෙමළ හා මුස්ලිම් ජනයා හමුදාව විසින් සිදුකරන එවැනි අත් අඩංගුවට ගැනීම් පිළිබඳ පොලීසියට පැමිණිලි කිරීමේදී පොලීසිය විසින් පැමිණිල්ලේ එය සඳහන් කරන්නේ අතුරුදහන් වීමක් ලෙසිනි. පොලීසිය භාෂා ප‍්‍රශ්නය තම වාසියට හරවා ගත් එවැනි අවස්ථා රැසක් ගැන පිළිබඳ රජයේ ඉහළ නිළධාරියෙක් අප සමඟ පැවසුවේය.
නමුත් මන්නාරමේ සිදුවන්නේ මීට වෙනස් ක‍්‍රියාදාමයකි. එහි පැරා මිලිටරි කණ්ඩායම් වලට ක‍්‍රියාත්මක වීමට වැඩි අවකාශයක් නැති අතර සිවිල් ජන ජීවිතය පාලනය කෙරෙනුයේ රජයේ හමුදාවන් විසිනි. මන්නාරමට අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන මන්නාරම් නගරය, නාන්නත්තන් හා මුසලි වල ඇතැම් ප‍්‍රදේශයන්හි ජනයාට රජයේ හමුදාව විසින් හැඳුනුම්පතක් නිකුත් කර ඇත. ආරක්ෂාව පිණිස එවැනි පියවර අනුගමනය කරන බව කිවුවද අතුරුදහන්වීම් හා අත් අඩංගුවට ගැනීම්වල අඩුවීමක් නොවන්නේය. මෙසේ අතුරුදහන්වන සියළුම දෙනා පාහේ දෙමළ ජාතිකයෝය. හදිසියේ සිදු කරන අත් අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම් මන්නාරමේ ප‍්‍රබල ලෙස සිදුවන අතර කුමන හේතුවකට අත් අඩංගුවට ගත්තද පොලීසිය විසින් නිකුත් කරන රිසිට්පතේ බොහෝ විට සඳහන් කරන්නේ ‘මීනී මැරීම හා ත‍්‍රස්තවාදයට සම්බන්ධයි’ යන්නය. අපට හමුවු දෙමළ මවුවරුන් පිරිසක් කියා සිටියේ පසුගිය 2007 ඔක්තෝම්බර් 21 වැනිදා පේසාලේ නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින තම දරුවන්ට ද පොලීසිය නඟා ඇත්තේ එම චෝදනාව බවයි. සමහර පුද්ගලයන් අත් අඩංගුවට ගත් බව හමුදාව පිළි නොගත් අවස්ථා ද ඇත.
මන්නාරමේ කාලයක සිට සියළුම ස්ථාවර හා ජංගම දුරකථන මාර්ග ක‍්‍රියාවිරහිත කර අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් රැහැන් රහිත (CDMA) දුරකථන දාහතරක් රජය විසින් ලබාදී ඇත.
මන්නාරම නගරයේ ප‍්‍රධානතම ජීවන මාර්ගය පේසාලේ සිදුවන ධීවර කටයුතුයි. නමුත් දැනට වසර දෙකක පමණ කාලයක සිට පේසාලේ ධීවරයන් හට මසුන් මැරීමට නාවික හමුදාව විසින් තහංචි පනවා ඇත. ධීවරයන්ට මුහුදුයාමට අවසර දී ඇත්තේ උදේ හයේ සිට සවස පහ වන තෙක් පමණි. ඔවුන්ගේ බෝට්ටු එන්ජින් සවස පහෙන් පසු නාවික හමුදාව බාරයට පත්කළ යුතු අතර නැවත පසුදා උදේ හමුදා භාරයෙන් තම එන්ජින් ලබාගෙන මුහුදු යා යුතුය. සාමාන්‍යයෙන් මසුන් ඇල්ලීම වඩා සාර්ථක රාත‍්‍රී කාලයේ වුවද පේසාලේ ධීවරයින් හට රාත‍්‍රී මුහුදු යාම තහනම්ය. එහෙත් පේසාලේ වෙරළ තීරය තෙක් ට්‍රෝලර් බෝට්ටුවලින් පැමිණ මසුන් අල්ලන ඉන්දියානු ධීවරයින් අප දුටුවෙමු. රාත‍්‍රී නවය පමණ වන විට එක පෙළට ට්‍රෝලර් දහයක් එකොළහක් පමණ පැමිණ සතියකට තෙවතාවක් පමණ ඔවුන් මෙසේ මසුන් ඇල්ලීමේ නිරත වෙති. නමුත් ඊට නාවික හමුදාවෙන් හෝ එල්.ටී.ටී.ඊ යෙන් කිසිදු බලපෑමක් නැති අතර ඔවුන් එසේ පැමිණෙන්නේ කාගේ අවසරය පිටදැයි පේසාලේ ධීවරයෝ ප‍්‍රශ්න කරති. ඉන්දියානු ට්‍රෝලර් පැමිණ ගියදාට පසුදා පේසාලේ මුහුදු තීරයේ ඇල්ලීමට තරම් මසුන් රොක් නොවන අතර මීට පෙර ඉතා කාර්ය බහුල වෙරළ තීරයක් වු පේසාලේ පාලූවට ගොස් ඇති ආකාරය අප පසුදා දුටුවෙමු. ධීවරයින්ගේ ගැටලූ වලට රජයෙන් නොයෙක්වර ඉල්ලීම් කළද තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නැත. තවද මන්නාරමේ ධීවරයන් හට බෝට්ටුවල අමතර කොටස් ගැනීමට හා අලූත් වැඩියා කටයුතු සිදුකර ගැනීමටද කිසිදු පහසුකමක් නැත. තමන් විවිධ දුෂ්කරතා මැද අල්ලන හොඳම මාලූ ටිකද මුදල් නොදී හමුදා නිලධාරීන් රැගෙන යන බව ධීවරයෝ අප සමග කිවුවෝය.
වවුනියාවේ මෙන්ම මන්නාරමේද ඇතැම් විශාල ගොඩනැගිලි හමුදාව තමන් යටතට ගෙන ඇත. වවුනියාවේ රජයේ රෝහල, මන්නාරමේ මුරුක්කන්හි පිහිටි තැපැල් කාර්යාලය, තලේ මන්නාරමේ තරුණයන් සඳහා වු පුහුණු මධ්‍යස්ථානය මෙසේ හමුදාව භාරයට ගෙන ඇති අතර ඒවායේ තම විවිධ කටයුතු ආරම්භ කොට ඇත.
දකුණේ ජනයාට පොල් ගස මෙන් මන්නාරමේ ජනයාට ඇත්තේ තල් ගසය. බොහෝ ඈත කාලයේ සිට මන්නාරමේ ජනයා තම දියණිවරුන් විවාහකර දීමේදී දෑවැද්ද ලෙස දුන්නේ තල් ගස් සියයක්, දෙසීයක් ඇති ඉඩමකි. නමුත් ඉකුත් වසර දෙකක කාලය තුළ නාවික හමුදාව විසින් විවිධ කටයුතු සඳහා වැසියන්ගේ ඉඩම්වල ඇති තල් ගස් පන්දහසක් පමණ කපා ගෙන යාම නිසා පොරොන්දු දෑවැදි දිය නොහැකිව අපේක්ෂිත විවාහ කඩාකප්පල් වූ තරුණියන්ද සිටිති. මීට අමතරව හදිසියේ නිවාස සෝදිසියට පැමිණෙන අවස්ථාවල නැවත ලබා දෙන පොරොන්දුව පිට නාවික හමුදාව විසින් ඇතැම් නිවෙස්වල ඇති තල් ලී රැගෙන ගොසිනි.

එසේම මන්නාරමේ ධාවනය කරන වාහනවලට ඉන්ධන ලබාගත යුත්තේ රේෂන් කාඞ් එකකටය. එහි වාහන අංකයේ සිට ඉන්ධන කී වාරයක් ලබාගෙන ඇත්ද? ඒ කවදාද? ඇතුළු සියළු තොරතුරු ඇතුළත් වන අතර වාහන සඳහා ලබා දෙනුයේ සීමා සහිත ඉන්ධන ප‍්‍රමාණයකි. ඉන්ධන පිරවුම්හල්වල ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණය බැලීම සඳහා හමුදා නිලධාරීන් යොදවා සිටිනු අප දුටුවෙමු.
මේ මන්නාරමේ එළිමහන් ජීවිත ගෙවන ජනයාගේ තත්වයයි. නමුත් මන්නාරමේ පිහිටි සිරුක්කුන්ඩාල් හා කලිමුන්ඩායි අවතැන් කඳවුරුවල තත්වය මීටත් වඩා ඛේදාන්තයකි. උතුරේ සිට ආරක්ෂාව පතා රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණි දෙමළ ජනයාගෙන් පිරී ගොස් ඇති මෙම කඳවුරු වල කිසිවෙක් පිටතට යාමට හෝ ඇතුල් වීමට නොහැකි පරිදි රඳවා ඇත. දැඩි පාලනයක් යටතේ පවත්වා යන මෙම කඳවුරුවල ඔරොත්තු නොදෙන තරම් මිනිසුන් පිරිසක් සිටිති.
මේ ආකාරයට මන්නාරමේ ජන ජීවිතයේ සියලූ කටයුතු මුළුමනින්ම පාහේ රජයේ හමුදාව විසින් සිදුකරන අතර බාහිර ලෝකයට එම තත්වයන් වසන් කිරීමට එම ප‍්‍රදේශවලට දකුණෙන් යන එන මඟීන් පිළිබඳවද දැඩි සෝදිසියකින් පසුවෙති. මෙතරම් දැඩි ආරක්ෂක විධිවිධාන යොදා රැකවල්ලා ගෙන සිටින මන්නාරමේ පමණක් එක් සතියකට පුද්ගල අතුරුදහන් වීම් 10-15 අතර ගණනක් සිදුවේ. අපගේ ගණනය කිරීම් අනුව මන්නාරමේ සිට මැදවච්චිය තෙක් 14 මාර්ගයේ 26KM කණුවේ සිට 29KM කණුව තෙක් පාර දෙපස ඇති හමුදා මුරපොළවල් ගණන විසි තුනකි. නමුත් ඒවාට හසුනොවී පුද්ගලයන් දිගින් දිගටම පැහැරගෙන යන්නේ කෙසේදැයි ගැටළුවකි.
මන්නාරම සහ වවුනියාව යනු දැන් රජයේ මුදාගත් ප‍්‍රදේශයන්ය. එබැවින් තවදුරටත් රජයේ හමුදාවන් එම ප‍්‍රදේශවල රැදී සිටීම ගැටළුවක් නොවන නමුත් ඔවුන් අරක්ෂාව උදෙසා වැඩ පිළිවෙලවල් ක‍්‍රියාත්මක කළ යුත්තේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන අයුරිනි. එසේ නැත්නම් මේ අන්දමින් සාමාන්‍ය ජනයාගේ ආර්ථික, සමාජීය හා පෞද්ගලික ජීවිතයට සීමා පැනවී ඇති කාලය අවසන්වන දිනයක් පිළිබද යම් සහතිකයක් තිබිය යුතුය.
No comments:
Post a Comment