
මෙහිදී තම ඉල්ලා අස්වීම පිළිබඳව සිවිල් සංවිධාන විසින් හේතු කාරණා දක්වමින් සිටියදී, කොමිසම් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් එම කරුණු දැක්වීමට බාධා කරමින් කියා සිටියේ සිවිල් සංවිධාන වෙත මෙසේ කරුණු දැක්වීමට කාලයක් ලබා දිය නොහැකි බවත්, කොමිසමට ඊට සවන් දීමට අවශ්‍යයතාවක් නොමැති බවත්ය. සිවිල් සංවිධාන නියෝජනය කරමින් අදහස් දැක්වූ නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු පැවසුවේ,
කොමිසම විසින් සිවිල් සංවිධාන වලට අවශ්‍ය නම් මෙම කරුණු දැක්වීම් මාධ්‍ය වලට ලබා දෙන ලෙස පැවසූ බවයි. තවදුරටත් නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු පැවසුවේ සිවිල් ජනතාව හා කොමිසම් සභාව අතර සංවාදයක් ගොඩ නැගෙන තැනක් බවට පත්වන මෙම අවස්තාවේදී සිවිල් සංවිධාන වල කරුණු දැක්වීම් වලට සවන් දී පසුව එහි නිරවද්‍ය හෝ සාවද්‍ය තැන් පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කළ හැකිව තිබියදී කොමිසමේ මුළු ක‍්‍රියා පටිපාටිය පිළිබදවම එහි සාමාජිකයින් දෙදෙනෙකු විසින් අත්තනෝමතික ලෙස තීරණය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනි බවය.
2006 නොවැම්බර් මාසයේ මෙම පරීක්ෂණ කොමිසම් සභාව පත් කරන ලද්දේ

කොමිසම් සභාවේ කටයුතු වලින් ඉවත් වීමට ගන්නා ලද තීරණය පිළිබඳ වැඩි දුරටත් මාධ්‍යයට කරුණු පැහැදිලි කළ සිවිල් සමාජ සංවිධාන හතේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ කොමිසමේ ආරම්භයේ සිට මේ වන තෙක් ගත වූ වසර දෙක තුළ සාක්ෂි විමසා අවසන් කිරීමට කොමිසමට හැකි වූයේ තම විෂය පථයට වැටෙන සිදුවීම් වලින් එක් සිදුවීමක් සම්බන්ධයෙන් පමණක් බවයි. එමෙන්ම කොමිසමේ විනිවිදභාවය හා ස්වාධීනතාව සම්බන්ධයෙන් දිගින් දිගටම පැවති බරපතල ගැටළු එහි විශ්වසනීයභාවය කෙරෙහි දරුණු ලෙස බලපෑ බවද සිවිල් සංවිධාන ප‍්‍රකාශ කළහ.

ඒ අතර,
01. ආරක්ෂාව පිළිබඳ ඇති ගැටළුව නිසා විදේශ ගතව සිටින සාක්ෂිකරුවන්ගෙන් වීඩියෝ සාකච්ඡා මගින් සාක්ෂි ලබා ගැනීම වැලැක්වීමට ජනාධිපතිවරයා ගත් අත්තනෝමතික තීරණය කොමිසමේ ස්වාධීනතාව බිඳ දැමීමක් වූ අතර ලබාගත හැකිව තිබෙන සියළුම සාක්ෂි ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු හා පහසුකම් සම්පාදනය නොකිරීම තුළින් කොමිසමේ ඉදිරි සැසිවාර පලරහිත බවට පත් වීම.
02. සාක්ෂි දීමේදී වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්වීම වැලැක්වීමට සැලකිය යුතු පියවර ගැනීමට කොමිසම අපොහොසත් වූ අතර ඒ සම්බන්ධයෙන් සිවිල් සමාජය විසින් කළ යෝජනා පිළිබඳව කොමිසම නිසි අවධානයක් නොදැක්වීම යන මූලික කාරණා ඇතුළු තවත් කරුණු කීපයක් මුල් කරගනිමින් සිවිල් සංවිධාන කොමිසමේ කටයුතු වලින් ඉවත් වුහ.
No comments:
Post a Comment