මව්බිමට අසීමිත ලෙස ආදරය කිරීම
මවිබිමට අහිතකරය

බව පැවසුවේ වෙනින් කවුරුවත් නොව ජර්මන් චාන්සලර් ඇඩොල්ෆ් හිට්ලර්ය. පළමු ලෝක යුද්ධ පරාජයේ තුවාලවල වේදනාවෙන් සිටි ජර්මන් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් හිට්ලර් මව්බිම වෙනුවෙන් යුදෙව්වන් ලක්ෂ 20 ක් සමූල ඝාතනය කළේය. ජර්මන් ජනතාව මව්බිම වෙනුවෙන් එම මහා අපරාධය ඉවසා සිටියෝය. යුද්ධය අවසාන වුයේ ජර්මනිය බිමට සමතලා කරමිනි. එය දකින්නට හිට්ලර් ජීවත් නොවුයේය. එහෙයින් කෙනෙකු තම මව්බිමට අසීමිත ලෙස ආදරය කරන බව පවසන විට අපට දැනෙන්නේ බියකි.
වන්නි ප‍්‍රදේශයේ තවදුරටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයට යටත් ප‍්‍රදේශවලින් සැප්තැම්බර් 30 වන දිනට පෙර ඉවත්වන ලෙස ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනිකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහන සේවකයන්ට දැනුම් දී තිබේ. ඒ අනුව අන්තර්ජාතික රතු කුරුස කමිටුව (ICRC) හැර අනෙකුත් සියලූ සංවිධාන වවුනියාව කරා පැමිණෙමින් තිබේ. ආණ්ඩුව ඔවුන්ට පවසා ඇත්තේ වවුනියාවේ සිට තම කටයුතු කරගෙන යන ලෙසයි. පසුගිය කාලය මුළුල්ලේම වන්නියේ අපා දුක් විඳින ජනතාවට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය සහ අනෙකුත් මානුෂික සේවා සැලසුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහන සේවකයන් සහ සේවිකාවන් විසිනි. ඔවුන් ඉවත්ව යාමත් සමඟම රජයේ හමුදාව සහ එල්.ටී.ටී.ඊ ය අතර වන්නියේදී ඇතිවන සටනට සෘජුවම නිරාවරණය වීමට එහි වෙසෙන ලක්ෂ දෙකකට අධික සිවිල් වැසියන් පිරිසට සිදුවේ.
දැන්, දකුණේ සිටින දේශපේ‍්‍රමීන් සතුටින් පිනායනු ඇත. එක්සත් ජාතීන්ද, අනෙකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හෙවත් අයි.එන්.ජී. ඕ ද රට බෙදීමට හවුල්වන කුමන්ත‍්‍රණකාරීන් හැටියටත්, එල්.ටී.ටී.ඊ යට උදව් දෙන්නන් හැටියටත් පසුගිය කාලය තිස්සේ හංවඩු ගසා තිබු බැවින්, දැන් මේ ද්‍රෝහීන් පිරිස පළවා හැරියා යැයි සතුටු වනු ඇත. මේ කුමන්ත‍්‍රණ න්‍යාය ලංකාවේ පතුරුවා හරින ලද්දේ අප මහා ගුණදාස අමරසේකරයන් විසින් ප‍්‍රඥංකූරයෙකු ලෙස අභිෂේක කරන ලද විමල් වීරවංශ ඇතුළු පිරිස විසිනි. මහපාරේදී ඉදිරිප

මේ සංවිධාන වනාහි ජාත්‍යන්තර සම්බන්ධතාවල පුරුක්ය. විදේශ බලපෑම්වලට ඇති විරුද්ධත්වය නිසා යු.එන් එකට හෝ අයි.එන්.ජී. ඕ වලට විරුද්ධ වෙනවා නම් තවත් විරුද්ධ විය යුතු විදේශීය බලපෑම් ඕනෑ තරම් ලංකාවේ තිබේ. මහජන සේවා සපයන ප‍්‍රධාන ආයතනවල සම්පුර්ණයෙන්ම හෝ කොටසක ප‍්‍රාග්ධන හිමිකාරීත්වය දරන්නේ විදේශ සමාගම් විසිනි. තෙල් සැපයුමෙන් 1/3 ක් ඉන්දියානු අයි. ඕ.සී සමාගම සතුය. ගෑස් ඒකාධිකාරය නෙදර්ලන්ත ෂෙල් සමාගමටය. ( දේශීය සමාගමට තිබෙන්නේ නගුට සෙලවීම පමණි.) ටෙලිකොම් සමාගම අයිති ජපානයට හා මැලේසියාවටය. ජංගම දුරකතන වෙළෙඳපොළේ වැඩි කොටස මැලේසියානු ටෙලිකොම් සමාගමට අයත්ය. පිටි ඒකාධිකාරය ප‍්‍රීමා සමාගම සතුය. කොළඹ නගරයේ වටිනා ඉඩ-කඩම්වල අයිතිය විදේශීය සමාගම් විසින් පාලනය කරයි. මේ ආකාරයට මේ ලැයිස්තුව ඕනෑ තරම් දිගු කළ හැකි අතර, ජන ජීවිතයට බලපාන තීරණ බොහෝමයක් මේ වන විට ගන්නේ ආණ්ඩුව විසින් නොව ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවන්ට අනුවය. එහෙත් යු.එන් එකට සහ අයි.එන්.ජී. ඕ වලට විරුද්ධව බෙරිහන් දෙන විමල් වීරවංශ, චම්පික රණවක, ඇතුළු මහත්වරුන් ඒ පිළිබඳව කතා නොකරන්නේ, කතා කළදාට බෙල්ලෙන් අල්ලා ඉවත දමන බව දන්නා නිසාය. මෙන්න මේ දෙබිඩි පිළිවෙතට සාමාන්‍ය මිනිස්සු කියන්නේ කුහකකම කියාය. අප කිව යුත්තේ තක්කඩිකම කියාය.
නමුත්, ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයන් කිසිවෙකු තේරුම් නොගන්නේ එල්.ටී.ටී.ඊ යට අවශ්‍ය දෙය ආණ්ඩුව විසින් කරවීමට තමන් ක‍්‍රියාකර ගෙන යන බවයි. එනම් එල්.ටී.ටී.ඊ ය විසින් කල් යල් බලා අටවන ලද උගුලක් වෙතට ආණ්ඩුව ගෙන යන බවයි. සියළු සහන සේවකයන් ඉවත් වු පසු සිදුකරන ගුවන් ප‍්‍රහාර ඇතුළු යුද්ධය මඟින් වන්නිය තුළ කොටු වී සිටින ලක්ෂ දෙකක පමණ ජනතාවට සිදුවන්නේ කුමක්ද? ඔවුන්, ආණ්ඩුවේ පාලන ප‍්‍රදේශ දෙසට නොව මුලතිව් දෙසට එනම්, තව තවත් එල්.ටී.ටී.ඊ පාලන ප‍්‍රදේශ දෙසට ඇඳී යන තත්ත්වයක් යටතේ ඇතිවිය හැක්කේ මානුෂික ඛේදවාචකයකි.
සම්පුර්ණයෙන්ම දෙමළ ජනතාවගෙන් සමන්විත එම ප‍්‍රදේශ කරා සම්පුර්ණයෙන්ම පාහේ සිංහල සොල්දාදුවන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා හමුදාව ගමන් කිරීමේදී ඇතිවන ජීවිත සහ දේපල හානි ‘ජන සමූල ඝාතනයක් ’ ලෙස පෙන්වීමට එල්.ටී.ටී.ඊ යට හැකියාව ලැබේ.මෙහිදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ ප‍්‍රක්ෂේපන තුනක් ගොඩනැඟිය හැකිය.

2. නැත්නම් එල්.ටී.ටී.ඊ ය විසින් ශ‍්‍රී ලංකා හමුදාව තීරණාත්මක ලෙස පසු බස්වා තම බලය තහවුරු කර ගත යුතුය.
3. මේ දෙකම කෙටි කාලයක් තුළ සිදු නොවී යුද්ධය දිග් ගැස්සුනොත් ඇතිවිය හැක්කේ ජාත්‍යන්තර මානුෂික මෙහෙයුමකි. මෙම තත්ත්වය පිළිබඳ ආණ්ඩුව කල්පනා කොට ඇද්ද යන්න ඉතා සැක සහිතය.
ශ‍්‍රී ලංකා රජය ස්වාධිපත්‍යය පිළිබඳ නිතරම මහ ඉහළින් කතා කළත්, ස්වාධිපත්‍යයට පාලන බලතල පමණක් නොව මානව හිමිකම් ද ඇතුළත් වන බවත්, මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර නිරීක්ෂණ මෙහෙයුමක් ලංකාවේ පිහිටුවීමට යෝජනා කළවිට රජය එය ප‍්‍රතික්ෂේප කළ බවත්, එසේ නම් රජය විසින් තම රටේ මානව හිමිකම් ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව ආරක්ෂා වන බවට වගබලා ගතයුතු බවත්, එසේ නොමැතිව රජය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් නොතකමින් යුද්ධය ඉදිරියට ගෙන යන්නේ නම්, තම රටේ ස්වාධිපත්‍යය තමන් විසින්ම නැති කර ගැනීමට ක‍්‍රියා කිරීමක් හා සමාන බවත් පසුගිය දා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ ඇයිදැයි විමසීම අප කාටත් ප‍්‍රයෝජනවත් වනු ඇත.
back to HOME page
No comments:
Post a Comment