ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා

නීති පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය
සියලූ සැකකරුවන් ආයුධ හංඟලා තියෙන්නේ බොල්ගොඩ ගෙඟ්ද ?
ඕක දැන් තියෙන ටේරන්ඞ් එකක්. 1978 දෙවන ජනරජ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 03 වන වගන්තියේ පැහැදිලි ව දක්වලා තියෙනවා යම්කිසි පුද්ගලයෙක් අත් අඩංගුවට ගත යුතු ආකාරය පිළිබඳ ව. මිනී මැරුමක් කළ අයෙකුට වුවත් අත් අඩංගුවට ගත් පසු අධිකරණයට ඉදිරිපත් කර සාධාරණ නඩු විභාගයකින් පසුව දඬුවම් දීමයි සිදුවිය යුත්තේ. නමුත් වර්තමාන ප‍්‍රවණතාව ඒ සියල්ලටම පෙර පොලීසිය අතින් සැකකරුවන් ඝාතනය වීම. මේ ගැන සමාජයේ බොහෝ පිරිසක් සතුටු වෙන්න පුලූවන්. සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ශන කටයුතු හරියට කර ගන්න බැරි තැන සැකකරුවන්ට පහරදීම්, බිය වැද්දීම්වල සිට අවසානයේ ඝාතනය කිරීම් දක්වා පොලිසිය තමන්ගේ බලය පාවිච්චි කරනවා. නමුත් මෙතන තියෙන ප‍්‍රශ්නය පසුගිය කාලය පුරාම අත් අඩංගුවට ගත් මෙම සැකකරුවෝ ආයුධ හංඟලා තිබුණේ බොල්ගොඩ ගගේද? නැත්නම් කෙසෙල් පඳුරක් අස්සේ ද? ගස්ලබු පඳුරක් අස්සේ ද කියන එක. පසුගිය කාලයේ බියගම පොලීසියෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරලා තමන්ගේ ආරක්ෂාව තහවුරු වී තියෙද්දීත් උදේ වෙනකොට මරා දාලා. පොලීසිය මේ ගොතන කතාවේ තියෙන සාවද්‍යභාවය පැහැදිලියි.පොලිස් රැකවරණයේ ඉන්න පුද්ගලයන් ආරක්ෂා කිරීමේ සම්පුර්ණ වගකීම තියෙන්නේ පොලිසියට. පොලිස් ස්ථානයක් භාරයේ ඉන්න කෙනෙක් මැරුණොත් ස්ථානාධිපති එයට සම්පුර්ණයෙන් වගකිව යුතුයි. එයයි ප‍්‍රති පුරුෂ වගකීම. නමුත් මේ සිදුවෙන දේ ශීලාචාර, සදාචාර සම්පන්න රටකට කිසිසේත්ම උචිත නැහැ. මෙහෙම ගියොත් අපරාධවලට සම්බන්ධ නැති කෙනෙකුට අත් වෙන්න ඉඩ තියෙන්නෙත් මේ ඉරණම. විය යුත්තේ හැකි ඉක්මනින් අත් අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමයි.
උදය කුමාර අමරසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමාජ හා මානව විද්‍යා අධ්‍යානාංශය
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
මේ කඩවෙන්නේ ස්වභාවික යුක්තියේ මූලධර්ම සහ මානව හිමිකම්
මේ ප‍්‍රශ්නයේ පැති කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දේ පොලිසියට මෙහිදී තිබෙන අවම බලය පාවිච්චි කිරීමේ හැකියාව කියන නීතිමය රැකවරණය. මේ ඝාතනවල ස්වභාවය තමයි තරමක් ප‍්‍රසිද්ධ, සමාජය කම්පනය කළ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් මරා දැමීම. එවැනි සිද්ධියකදී සමාජය පැත්තෙනුත් විශාල ප‍්‍රතිවිරෝධයක් එල්ල වෙනවා සැකකරුවන්ට එරෙහිව. නමුත් මේ කඩ වෙන්නේ ස්වභාවික යුක්තියේ මූලධර්ම සහ මානව හිමිකම්. මෙය ශිෂ්ඨ යැයි පිළිගත් නීති ක‍්‍රමයක් තියෙන රටකට සුදුසු නැහැ. පහුගිය කාලයේ ඝාතනයට ලක්වුණු සැකකරුවන්ගෙන් බහුතරය එක් දවසක්වත් අධිකරණයට ඉදිරිපත් කරලා නැහැ. විධිමත් යුක්තිය පසිඳලීමේ ක‍්‍රමයක් තුළ මේ සැකකරුවන්ට කිසිම අවස්ථාවක් ලබාදීලා නැහැ තමන්ගේ නිර්දෝෂීභාවය හෝ අපරාධය කිරීමට හේතුව ඔප්පු කිරීමට. මේ තත්ත්වය දිගින් දිගිටම සිදුවෙන කොට සමාජය කම්පනය කරන අපරාධකරුවන් මැරීම ප‍්‍රජාව අගය කිරීම හරහා ප‍්‍රජාවගේ මිනිස් ආකල්ප නීතියෙන් පරිභාහිර මනුෂ්‍ය ඝාතන අනුමත කිරීම දක්වා වර්ධනය වෙනවා. මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් නැතිනම් විමර්ශන නිලධාරියෙක් හැරුණු කොට 90% ක්ම ප‍්‍රජාවගේ කැමැත්තක් තියෙන්නේ මෙවැනි සැකකරුවන් පොලීසිය විසින් ඝාතනය කිරීම දැකීමට.ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල නිරතවන අයට ප‍්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීම ශිෂ්ඨ සම්පන්න සමාජයකට නුසුදුසු යි. අද වෙනකොට වසර කිහිපයක ඉඳන් සිදුවෙන මේ ක‍්‍රියාවලියෙන් තුවාල වුණ එක සැකකරුවෙක්වත් නැහැ. සියලූදෙනාම මැරිලා. එකම රටාවකට, එකම ආකාරයකට කොහොමද ඔක්කෝම මැරෙන්නේ කියලා අපිට සැකයක් මතු වෙනවා. පොලිසිය හිතාමතා මේ ඝාතන කරන බව පැහැදිලියි. කාලාතුරකින් ඔය කියන දේ ඇත්තටම සිදු වෙන්න පුලූවන්. ඒත් මේ තරම් වාර ගණනක් එකම දේ සිදුවීම විහිලූවක්. ප‍්‍රධානම සාධකය දණ්ඩ නීති සංග‍්‍රහයේ හා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ ඇති අවම බලය හා ආත්මාරක්ෂාව යන වගන්ති පොලිස් නිලධාරින්ගේ රැකවරණයට තිබීම අධිකරණයේදී නිළධාරින්ගේ වාසියට හේතු වීම.
අමාත්‍ය මහින්ද සමරසිංහ
ආපදා කළමණාකරණ හා නව හිමිකම් අමාත්‍යාංශය

පුද්ගලයෙක් ආරක්ෂා සහිතව රැඳවීම පොලිසියේ වගකීමක්
මෙවැනි සිද්ධීන් ඇතිවෙන කොට අපි පොලිසියට කතා කරලා පොලීසිය පැත්තෙන් ඔවුන්ගේ ස්ථාවරය විමසනවා. පොලිසිය කියන්නේ මේක සංවිධානාත්මක ව සිදුවෙන දෙයක් නොවෙයි කියලා. නමුත් සිරභාරයට ගත් පුද්ගලයෙක් ආරක්ෂා සහිතව රැඳවීම පොලිසියේ වගකීමක්. පහුගිය කාලයේ මෙවැනි වෙඩි තියලා මරලා දාපු සිද්ධි ගණනාවක් තියෙනවා. එවැනි සිද්ධීන්වලදී මගේ යටතේ තියෙන මානව හිමිකම් උපදේශක සභාවත්, සිවිල් සමාජයේ අයත් විටින් විට ඒ ගැන කරුණු ඉදිරිපත් කර තියෙනවා. එවැනි අවස්ථාවලදී අපි අදාළ පොලිසිවලින් මේ ගැන කරුණු වීමසීම දිගටම සිදු කරනවා.
කේ.සී.ලෝගේස්වරන්
අතිරේක ලේකම්
ජාතික පොලිස් කොමිසම
කොමිසමට දැන් පවර්ස් නැහැ

නිශාන් මුතුක‍්‍රිෂ්ණ
අමාත්‍යාංශ උපදේශක
ආපදා කළමණාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය
පොලිසියේ ස්ථාවරය මෙය සැලසුම් සහගත ව නොවන බවයි
මෙම ඝාතන සම්බන්ධයෙන් අපි පොලිසියෙන් විමසීම් කරලා මේ ගැන සම්පුර්ණයෙන් විමර්ශනය කර පැහැදිලි කිරීම් ඉල්ලා තිබෙනවා. ඇමතිතුමාගේ උපදේශක කමිටුවෙත් මේ ගැන සාකච්ඡා වුණා. මේ සම්බන්ධයෙන් පහුගිය කාලයේ ගොඩක් හයිලයිට් කරපු මාධ්‍ය ආයතනයක් තියෙනවා. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙනවා ඔවුන් ලඟ තිබෙන තොරතුරු අපිට දෙන්න කියලා. මෙවැනි සිද්ධීන් අවස්ථා ගණනාවකදී වාර්තා වෙනකොට සමස්ත විමර්ශනයක් කරලා කරුණු ඉදිරිපත් කරන්න කියනවා. දැනට අපිට පොලිසියෙන් කියලා තියෙන්නේ මේක සැලසුම් සහගතව සිදුවන ක‍්‍රියාවක් නොවෙයි කියලා.
නීතිඥ නිමල් පුංචිහේවා
අතිරේක ලේකම්
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව
පොලිසිය භාරයට පත්වෙනවා කියන්නේ රජයේ ආරක්ෂාව යටතට පත්වීම

Back to main Article
Back to Home
No comments:
Post a Comment