මහාචාර්ය උයන්ගොඩ එළවන්න රතන හිමි පෙත්සම් ගහන්නෙ ඇයි ? - 02
සුදර්ශන ගුණවර්ධන
අප ගිය සතියේ ‘සමබිම’ තුළින් කතා කළේ පීඩිත සමාජ පසුබිමකින් පැවත එන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්, එබඳුම පීඩිත පසුබිමකින් පැවත එන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම කෙරෙහි මාරාන්තික ලෙස විරුද්ධ වන්නේ ඇයි යන්නයි.
රතන හිමියන් මෙම විරුද්ධත්වය දක්වා ඇත්තේ කරුණු දෙකක් පදනම් කරගෙනය.
01. උයන්ගොඩ මහතාට අවුරුදු 12ක කාලයක් සඳහා සිරගෙට නියම වීම.
02. උයන්ගොඩ මහතා රාජ්‍ය නොවන සංවිධානවල හෙවත් එන් .ජී. ඕ.වල ප‍්‍රකාශකයෙකු වීම.
රතන හිමියන් මෙසේ කියන්නේ ඇයිදැයි උයන්ගොඩ මහතාද ඇතුළුව විවිධ ලියන්නන් විසින්ද , සාමාන්‍ය මහජනතාව විසින් ද ප‍්‍රශ්න කර ඇත. උන් වහන්සේ එසේ කියන්නේ ඇයිද යන්න පැහැදිලි කර ගැනීමට සමාජ විද්‍යාත්මකව, මානව විද්‍යාත්මකව මෙන්ම දේශපාලන විද්‍යාත්මකවද විවිධ හේතු දැක්විය හැකිය. එහෙත්, මෙම ලිපියෙහිදී අපගේ තර්කය වනුයේ ඒ සියළු තාර්කික සහ හේතුවාදී පැහැදිලි කිරීම මේ සිදුවීමේදී අසමත් වන බවය. මේ පිළිබඳ හේතුඵලවාදය මඟින් පැහැදිලි කළ නොහැකි බවය.
සාමාන්‍යයෙන් හේතුඵල සම්බන්ධයෙදී (cause and effect) අප කල්පනා කරන්නේ හේතුව තියා ඵලය හට ගන්නා බවයි. එහෙත් මෙහිදී සිදුවන්නේ හේතුව නිසා ඵලය බිහිවීම නොව ඵලය මඟින් හේතුව බිහිවීමයි. මෙය උදාහරණයකට පැහැදිලි කළොත් මෙසේය. හේතුඵල සම්බන්ධය අනුව සිදුවිය යුත්තේ ඉරාකයේ මහා විනාශකාරී අවි නිෂ්පාදනය වී තිබීමේ හේතුවෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇමෙරිකාව බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් විසින් ඉරාකය ආක‍්‍රමණය කිරීම වුවත්, ඇත්තටම සිදුවුයේ ඇමෙරිකාව විසින් ඉරාකය ආක‍්‍රමණය කිරීම සාධාරණයකරණය කිරීම පිණිස මහා විනාශකාරී ආයුධ සෙවීම ආරම්භ කිරීමයි.
අපි තවදුරටත් ඉහත පිළිතුර පැහැදිලි කර ගනිමු. රතන හිමියන් විසින් උයන්ගොඩ මහතාගේ පත්වීමට විරුද්ධව ඉදිරිපත් කරන හේතු දෙක සඳහා මහාචාර්ය උයන්ගොඩ පවසමින් ඇති පිළිතුර අපට ජෝන් රෝල්ස්ගේ A theory of justice (සාධාරණත්වය පිළිබඳ න්‍යායක්) යන පොතෙහි අඩංගු තර්කයකින් පැහැදිලි කළ හැකිය.
මෙහිදී කියැවෙන අදහස පහත පරිදිය. යම්කිසි පවුලක ළමයින් දෙදෙනෙකු සිටී. එක් ළමයෙක් මවට තුරුළුව පමවගේ තන පුඩුවෙන් කිරි උරා බොයි. මෙහිදී අනෙක් ළමයා කරන්නේ මෙයට විරෝධය පෑමය. ජෝන් රෝල්ස් ප‍්‍රකාශ කරන අයුරු දෙමාපියන් විසින් මෙම දරුවන් දෙදෙනාටම එනම් කිරිබොන දරුවාව හා නොබොන දරුවාට සාධාරණය ඉෂ්ඨ කරනවා යනු කිරිබොන ආකාරය බලා සිට විරෝධය පාන දරුවාට අයිස් ක‍්‍රීම් එකක් ලබාදීමයි. එවිට ළමයින් දෙදෙනාගේ ආත්මාර්ථකාමී ඉල්ලීම දෙමාපියන් දෙදෙනාගේ ක‍්‍රියාවෙන් සමනය වෙයි.
නමුත්, මෙහිදී අප මතු කරන ප‍්‍රශ්ණය මෙයයි. (උයන්ගොඩ මහතාට පවා මේ ප‍්‍රශ්නය මතු වන්නට ඇත.) අයිස් ක‍්‍රීම් කෙතරම් රසවත් වුවත් කෙතරම් සීතල වුවත් එය අනුභව කරන තැනැත්තා සිතන්නේ අයිස් ක‍්‍ර‍්‍ර‍්‍රීම් කෑමෙන් මම විඳින විනෝදයට වඩා කිසියම් විනෝදයක් ( Surples enjoyement) කිරිබොන ළමයා ලබනු ඇති බවයි.
මෙතැනදී විනෝදය යනු කුමක්දැයි පැහැදිලි කළ යුත්තේ බොහෝදෙනා මේ වචනය ජිප්සීස් සංගීත කණ්ඩායම කැසට් පට වල එන ‘ජොලිය’ හා ’සොමිය’ සමඟ පටලවා ගන්නා නිසාය.
ජිප්සීස්ලාගෙන් ඉවතට ගමන් කර බැලූවිට අපට පෙනෙන්නේ වනෝදය යනු ‘මම නොලබන නමුත්, වෙනත් කෙනෙකු ලබනවා යයි මම සිතන විනෝදය ගැන මට ඇති ඊර්ෂ්‍යාවයි. ඒ විදින විනෝදය විනාශ කළහොත් මට පරිපුර්ණ විය හැකියයි මම විශ්වාස කරමි.’ මෙය අයිස් ක‍්‍රීම් කෑමට ලැබුනු ළමයාගේ පැත්තෙන් බැලූවිට මාරාන්තික ඉරිසියාවකි.
දැන් මේ ළමයින්ගේ උදාහරණ කියවීමෙන් කියවන පාඨක ඔබගේ රතු කට්ට පැනීමට ආසන්න ඇති බැවින් අපි ළමයින්ගෙන් මිදි දේශපාලනය වෙත අපේ අවධානය යොමු කරමු. අප තර්ක කරන ආකාරයට අතුරලියේ රතන හිමියන් මේ කරන්නේ මෙයයි.
සිංහල බෞද්ධ සමාජයේ පරිපුරිතාභාවය සාක්ෂ්‍ය කර ගැනීමට ඉඩ නොදෙන බාහිර සතුරෙකු සිටී.(උදාහරණයක් වශයෙන් ප‍්‍රභාකරන්, රනිල් වික‍්‍රමසිංහ, උයන්ගොඩ, නිමල්කා ප‍්‍රනාන්දු, කුමාර් රූපසිංහ, රෝසි සේනානායක )
2. මෙන්න මේ බාහිර සතුරා බටහිර චින්තනය සහ බටහිර මුදල් හරහා අප සතු , විනෝදය සොරකම් කරගෙන අප නොවිඳින විනෝදයක් ලබමින් තමා පරිපුර්ණභාවයට පත් කරගනී.
3 මේ බාහිර සතුරා විනාශ කළහොත් අපට කිසිඳු අඩුපාඩුවකින් තෙරව අපේ සමාජය තුළ තිබිය යුතු පරිපුර්ණ විනෝදය ලබන්නට හැකිවන අතර , එවිට ඔහු විසින් සොරකම් කළ අපගේ විනෝදය අපට නැවත ලැබේ.
දැන් අපගේ මාතෘකාව ප‍්‍රමාණවත් පරිදි පැහැදිලි වන්නට ඇතැයි සිතමු. විවිධාකාරයේ ප‍්‍රතිචාර දැක්වු සැමට ස්තුතියි.
Back to Home

1 comment:
මේකට "අනෙකා" කියන සංකල්පයත් සම්බන්ධයි නේද? එතනදි අනෙකා ගේ විනෝදය ගැන නොසිතුවත් තමන්ගේ වැරදි සියල්ලටම ඔහු හේතු වෙනවා යැයි විශ්වාස කරනවා. මම වැරදි නම් නිවරැදි කරන්න. මේ සංකල්ප දෙක අතර අන්තර්සබැදියාවක් තියෙනවා නේද
Post a Comment